Celebrity Gossip

ලෝකෙටම ආදර්ශයක් ලබා දෙමින් අවුරුදු 87දී උපාධියක් ලබාගත් ලංකාවේ අපූරු අත්තම්මා

ඉගෙනීම මිනිසා සම්පුර්ණ කරයි කියලා කිවුවට මුළු ජීවිත කාලෙම අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. නමුත් වයස අවුරුදු 87දී උපාධියක් ලබාගත්ත අපූරු කාන්තාවක් ගැන අපිට අහන්නට ලැබුණා. ජීවිතයෙන් භාගයක්ම රුදුරු යුද්ධයක අත්දැකීම්වලට මුහුණ දුන් වරදා ෂන්මුගනාදන් ඉන් පසුව කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට තරම් වාසනාවන්ත වුණා.

ඉතින් මෙම ජයග්‍රහණය හමුවේ ඇය ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක් වීම ආඩම්බරයක් කියලා ඇය පවසා තිබුණා. කැනඩාවේ යොර්ක් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් වන පශ්චාත් උපාධිය ලබා ගත් වරදා ෂන්මුගනාදන් යාපනයේ වේලනයි ප්‍රදේශයේ උපත ලැබූ අයෙකු වීම විශේෂයි.

දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් ඇය මෙම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරලා තියන අතර මෙම පශ්චාත් උපාධිය ලබා ගැනීම සදහා ඇය අපේ රටේ තිබුණු යුද ගැටුම ඇය අධ්‍යයනයට ඉදිරිපත් කළේ එහි අත්දැකීම් ඇයට උපරිමයෙන්ම පවතින නිසායි.

ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත් ඇය පසුව මෙරට ඉංග්‍රීසි සහ ඉතිහාසය යන විෂයන් ඉගැන්වීමේ ගුරුවරියක් ලෙසද සේවය කරලා තියනවා. ඉන්අනතුරුව ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක් ලෙස 1990 වසරේදී එංගලන්තයේ ලන්ඩන්නුවර වෙත ගොස් එහිදී ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ පළමු පශ්චාත් උපාධි ලබා ගෙන තියනවා.

ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමට සහ සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් සඳහා ප්‍රබල ආදර්ශයක් ලෙස ක්‍රියා කිරීමට අන් අයට පෙලඹවීමක් ඇති කරනු ඇතැයිද යෝර්ක් විශ්ව විද්‍යාලයේ සභාපතිවරියද පවසලා තිබුණා.

මේ අතර සිය ඉදිරි ඉලක්කයන් වෙත යන ගමනේ දී මෙම උපාධිය ලබා ගැනීම අවසන් අවස්ථාව නොවන බවත්, ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්ත්වය සහ සාමය සහ සමාදානය සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කිරීම බවද ඇය තවත් ඇය පවසනවා. ඉතින් මේ අපේ රටේ නමත් බබළවමින් වයස යනු ඉලක්කමක් විතරයි කියලා ලෝකයටම ආදර්ශයක් ලබාදුන් වරදා ෂන්මුගනාදන්ට අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.