Celebrity Gossip

ලොවක් හදුනන ජනප්‍රිය සුරූපී නිලි සනී ලියෝන් දියණියගේ උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

සනී ලියොන් කියලා කිවුවාම ලෝකයේම නොදන්නා කෙනෙක් නැති තරම්. මොකද ඒ තරම්ම ඇය ජනප්‍රියයි. නිල් චිත්‍රපට නිළියක් විදිහට කරළියට පැමිණ ජනප්‍රිය වුවත් පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියෝන්ව දැන්නම් බොහෝ දෙනෙක් දන්නේ දක්ෂ නිලියක් වගේම නර්තනයට අති දක්ෂ බොලිවුඩ් නිලියක් විදිහටයි. ඇය බොහෝ දෙනෙක් හංවඩු ගැහුවා වුණත්, ඇයගේ චරිතයට බොහෝ දෙනෙක් දෝෂාරෝපණ එල්ල කලත් හිත හොඳ නිළියක් වුනු ඇය අනාථ දරුවන්ට වගේම, අසරණ පිරිස් බොහෝ දෙනෙකුට උපකාර කරන කෙනෙක් කියන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මොකද හැමෝම ඇයගේ නරක පැත්තම කතා කලාට ඇයගේ හොඳ වැඩ අගය කරීමට කවුරුත් ඉදිරිපත් නොවන නිසා.

කොහොම නමුත් දරු පැටවුන් තුන් දෙනෙකුට හිමිකම් කියන සනී ලියොන්ගේ පළමු දරුවා ඇය හදාවඩා ගැනීමට ගත් අනාථ දරුවෙකු වීම ද විශේෂයි. නමුත් ඒ ඇය හදා වඩා ගැනීමට ගත් දරුවකු බව බොහෝ දෙනෙක් තවමත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේම නිෂා වෙබර් නම් වූ එම දියණියගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.

ඉතින් ඇයගේ පළමු දියණියගේ අවුරුදු 6යේ උපන්දිනය වෙනුවෙන් සනී ලියෝන් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට ආදරණීය සටහනක් සමඟ ඡායාරූප කිහිපයකුත් එකතු කරලා තිබුණේ මෙන්න මේ විදිහට පවසමිනුයි. නිෂා වෙබර් නම් මගේ විශේෂ දියණියට සුබ උපන්දිනයක්. ඔබට අද වයස අවුරුදු 6ක් වනවා. මට ඒක විශ්වාස කරන්න අමාරුයි. දැන් ඔබ ලොකු ගැහැනු ළමෙක්. ඔබේ තාත්තයි මමයි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයයි අපේ ජීවිතේ ආලෝකය කියලයි ඇය බොහොම සෙනෙහසින් සටහන් තබා තිබුනේ.