Celebrity Gossip

ලොක්ඩවුන් නිසා සමරන්න බැරිවූ චන්දිමාල්ගේ උපන්දිනය සුපිරි තරු වටකරන් ජයටම සමරුවේ මෙහෙමයි

අපේ රටේ කවුරුත් හදුනන සිරස ඩාන්සින් ස්ටාර් තරඟාවලියේ තරඟ කරුවන් තරු ලෙස හැඩකර රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු චන්දිමාල් ජයසිංහ දිනෙන් දින තමන්ගේ හැකියාවන් වගේම ඔහුගේ දක්ෂතාවයන් ඔප්නංවා ගනිමින් මේ වනවිට අපේ රටේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉහලින්ම ඉන්න නමක් දිනූ දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියන් වගේම මෙරට ප්‍රභූ පැලැන්තියේ තරුණියන්ගේ මංගල දිනයේදී සුන්දර මනාලියන් ලෙස හැඩ ගන්වමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමාල් ගැන පහුගිය කාලයේදී නම් වැඩිපුර කතා බහට ලක්වුණේ නිරෝදායන නීති උල්ලංඝනය කරමින් පවත්වා තිබූ ඔහුගේ උපන්දින සාදය නිසයි.

01

කොහොම නමුත් නිරෝදායන නීති නිසා චන්දිමාල්ට ඔහුගේ උපන්දිනය දවසේ රෝයල් බර්ත්ඩේ පාටිය කරන්න බැරි වුනානේ. ඉතින් ඒ වෙනුවෙන් රට විවෘත කරාට පස්සේ අපේ රටේ ඉන්න ජනප්‍රිය කළා තරු රැසක්ම එකතු කරගෙන චන්දිමාල් ජයසිංහ ඔහුගේ උපන්දිනය නැවතත් ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

02

කොහම නමුත් ඔහුගේ උපන්දිනය සැමරීම ගැන චන්දිමාල් නම් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. මම වැරදි වැඩ කරලා මුදල් හම්බකරන කෙනෙක් නෙවෙයි. බොහොම සාධාරණව මුදල් හම්බකරන කෙනෙක්. මගේ ජීවිතයේ සතුටු වෙන්න මටත් අයිතියක් තියෙනවා. ජනප්‍රිය වුණා හෝ නැතුව හෝ මිනිස්සුන්ගේ සතුට ඒකයි. මාව ප්‍රසිද්ධ නිසා විවිධ කතා පැතිරෙන්නේ. නැත්නම් මගෙ වගේ උපන්දින සාද ලංකාවේ ඕනෑ තරම් පුද්ගලයෝ ගන්නවා. හැබැයි ඉතින් අපි වගේ තනියෙන් නැගිටපු අයට පහර දෙන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ ගැන මම දුක්වෙන්නේ නැහැ. මම සම සිතින් හැමදේටම මුහුණ දීලා ජීවත් වෙනවා කියලයි චන්දිමාල්නම් පවසන්නේ.

03

කොහොම නමුත් ජයටම සමරපු මේ අපූරු උපන්දිනය සාදයේ සුන්දර අවස්ථා මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන තරිඳු පැතුම් ඡායාරූප ශිල්පියා විසිනුයි.

04

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කළා තරු වටකරගෙන ඔහුගේ උපන්දිනය ජයටම සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25