Celebrity Gossip

ලක්ෂ ගනන් තෑගි හම්බුණු සුරූපී නිලි දිනිති වල්ගමගේ කලා තරු වටකරන් ජයටම උපන්දිනය සමරපු හැටි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිවේදන ශිල්පිනියක් වගේම සුරූපී නිරූපණ ශිල්පිනියක් විදිහටත් දිනිති වල්ගමගේ හදුන්වන්නට පුළුවන්. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වුනත් ඇයව අද වනවිට අපේ රටේ බොහෝ දෙනෙක් හදුනන්නේ ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් විදිහටයි. මේ දිනවල සියත ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වන රේස් ටෙලිනාට්‍ය හරහා වගේම කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය හරහාත් අපට ඇයව දැකගන්න ලැබෙනවා. ඊට අමතරව BTS (Behind the stage) නාට්‍යයේ චරිතයකටද රංගනයෙන් දායක වෙන ඇය රගපෑමට අමතරව BTS නාට්‍යයේ පිටපත ලියන්නෙත් ඇය විසින්මයි.

ඉතින් ඇය පවසන්නේ රඟපෑමට අමතරව ඇය ලියන්නත් හරිම ආසයිලු. පොඩි කාලයේ ඉඳලම ඇය ලියන්න ආසයි වගේම දක්ෂයිලු. ඉතින් ඒ වගේම පහුගිය දිනවල සිරස නාලිකාවේ විකාශය වුනු ද වොයිස් වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් අපට ඇයව දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඇය තාම ආදරවන්තියක් නෙමෙයි කියලා තමයි ඇයනම් කියන්නේ. අනෙක ආදරේ කරන්න ගත්තොත් ඇය හරිම බොළඳ වෙනවලු. කොහොම නමුත් ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ හාර කෝටිය ටෙලි නාට්‍යයෙනුයි. ඉතින් ඊට පස්සේ කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, නෝපාර්කින් වැනි ටෙලි නිර්මාණ රැසක් හරහා අපට ඇයව දකින්න ලැබුණා.

ඉතින් ඒ වගේම සිරස නාලිකාවේ විකාශනය වුනු ෆිල්ම් ස්ටාර් වැඩසටහනෙනුත් අපට ඇයව දැකගන්න ලැබුණා. ඒ වගේම මේ දිනවල විකාශය වන වෙළඳ දැන්වීම් කිහිපයක් හරහාද අපට ඇයව නිතරම දකින්න ලැබෙනවා. ඉතින් මේ කවුරුත් ආදරය කරන සුරූපී නිලි දිනිති වල්ගමගේගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇයට ලස්සන අපූරු කේක් කිහිපයක් වගේම අපූරු වටිනා තෑගි ගොඩකුත් ලැබිලා තියනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ උපන්දිනය කළා තරු පිරිවරාගෙන පහුගිය දවසක ජයටම සමරලා ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාවේ ලබාගත්ත සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ දක්ෂ සුරූපී නිලි දිනිතිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.