Celebrity Gossip

ලංකාව අතහැර කැනඩාවට ගිය ජනප්‍රිය සුරූපී නිලි ගයාත්‍රී ඩයස්ට ලංකාවෙන් ලැබුනු අති විශේෂ තෑග්ග

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ආදරණීය දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියන බව කාටත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම චන්න පෙරේරා සමඟ විවාහ වී සිටි ඇය මේ වනවිට ඔහුගෙන් වෙන්වෙලා දරුවන් දෙදෙනා සමගින් කාටත් කරදරයක් හිරිහැරයක් නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ දිනවල ඇය ගැන බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා සිටින්නේ කොළඹ ඉතාලියේ ආශා සහ පාර දිගේ නාට්‍යයේ පුෂ්පා නෝනා යන චරිතවලට අමතරව once upon a time colombo නාට්‍යයේ ඇය රඟපාන චරිත නිසයි.

කොහොම නමුත් එකිනෙකට වෙනස් චරිත කීපයක් හරහා ඇය ප්‍රේක්ෂකයින් අතරට ආවත්, සැබෑ ජීවිතයේ දී නම් ඇය හමුවන්න කැනඩාවට යන්න වෙනවා. ඉතින් ඒ වගේම ඇයට සමාජයෙන් එන තාඩන, පීඩන, කටකතා වැනි දේවල් වලට කිසි විටෙකත් නොසැලී තමන්ගේ ගමන යන යකඩ ගැහැනියක් කියලා කිවුවත් වරදක් නැහැ. කොහොම නමුත් මීට දින කිහිපයකට පෙර ඇයට විශේෂ ජයග්‍රහණයක් හිමිවෙලා තිබුණා.

ඉතින් ඒ තමයි කළා කරුවෙකුට කලාතුරකින් ලැබෙන විශිෂ්ට සම්මානයක් ඇයට ලැබිලා තිබුණා. ඒ ඇය අවුරුදු 20ක් තිස්සේ කලාවට කල සේවාව වෙනුවෙන් කළා කීර්ති අභිමාණී කියන නමින් ඇය පිදුම් ලබලා තිබුණා. ඉතින් ඒ බව සඳහන් කරමින් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

2021 සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කළ ජාතික ගෞරව නාම උළෙලේ දි මා වසර 20 ක කලාවේ නිරත වීම වෙනුවෙන් කලා කීර්ති අභිමාණී යන ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලැබුවෙමි. එම ගෞරවයට මාගේ ස්තූතිය මෙසේ පළකරමි කියලයි සුරූපී නිලි ගයාත්‍රී ඩයස් ඇයට ලැබුණු සම්මානය ගැන සතුටින් පවසලා තිබුනේ. ඉතින් අපිත් ඇයගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.