Celebrity Gossip

ලංකාවේ මුල්වරට සය නිවුන් දරු උපතක් සිදුකල වාසනාවන්ත මවට ශිරන්ති රාජපක්ෂ මැතිනිය සුබපැතුවේ මෙහෙමයි

දරුවෝ තරම් සම්පතක් මවකට පියෙකුට තවත් කොයින්ද. ඉතින් ඒ වගේම විවාහ වෙන යුවලක් පුංචි පැටියෙකුගේ කිරි සිනහව බලන්න ආසාවෙන් ඉන්න තරම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ. ඉතින් දරු සම්පතක් බලාපොරොත්තු වුනත් දරුවන් හය දෙනෙකුම එක වරම මේ ලෝකයට පැමිණීම ඒ අම්මටයි තාත්තටයි කොයි තරම් සතුටක් ගෙන ගෙන දෙන කරුණක් ද, ඉතින් එවන් වාසනාවක් හිමිවූ ආදරණීය මවක් සහ පියෙකු ගැන අපි මීට දින කිහිපයකට පෙර ඔබට කිවුවා මතක ඇති.

ඉතින් පහුගිය දවසක අපේ රටේ ප්‍රථම සය දරු උපත කොලඹ පෞද්ගලික රෝහලකදී සිදුවෙලා තිබුණා. ඉතින් ඒ වගේම පිරිමි දරුවන් තුන් දෙනෙක් හා ගැහැණු දරුවන් තුන් දෙනෙක් විදිහට තමයි මෙම වාසනාවන්ත දරුවන් හය දෙනා උපත ලබලා තිබුනේ. ඉතින් ඒ වගේම සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් තමයි මේ සය දරු උපත සිදු කරලා තිබුනේ. ඒ වගේම මේ වන විට දරුවන් සියලු දෙනාම වගේම මේ වාසනාවන්ත මවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව තමයි අපිටනම් දැන ගන්න ලැබුනේ. ඉතින් මේ වාසනාවන්ත 31 හැවරදී මව කොලඹ IDH ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බවත් අපට දැන ගන්නට ලැබුණා.

ඉතින් මෙලෙස අපේ රටේ එකවර දරුවන් හය දෙනෙකු එකම මවක් විසින් බිහිකරනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා. කොහොම නමුත් මේ වාසනාවන්ත මව වගේම දරුවන් හය දෙනා දැක බලා ගැනීමට අපේ රටේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මැතිනිය කොළඹ නයින්වේල්ස් පෞද්ගලික රෝහලට ගොස් තිබුණා. ඉතින් ඒ බව සඳහන් කරමින් එතුමිය සටහනක් එකතු කරලා තිබුනේ කොළඹ නයින්වේල්ස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහද කතාබහක නිරත වුවා යනුවෙන් පවසමින්. ඉතින් මේ අපේ රටේ සිදුවූ සය දරු උපත සිදුකල වාසනාවන්ත මවට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.