Celebrity Gossip

රටම ආදරය කරන ජනප්‍රිය සුරූපී නිලි දිනිති වල්ගමගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියලා කියන්නේ. මේ දිනවල සියත ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වන රේස් ටෙලිනාට්‍ය හරහා වගේම කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය හරහාත් අපට ඇයගේ රංගන හැකියාවන් දැකගන්න ලැබෙනවා. ඊට අමතරව සංජය නිර්මාල්ගේ BTS (Behind the stage) නාට්‍යයේ රූගතකිරීම්වලට සහ දිනිති නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ෂැඩෝ නාට්‍යයේ චරිතයකටද ඇය මේ දවස් වල රංගන දායකත්වය ලබා දෙනවා.

කොහොම නමුත් ඇයව පළමු වතාවට රාජ්‍ය නාට්‍ය උළලකදී රාජ්‍ය සම්මානයට නිර්දේශ වෙලා තියෙන්නේ දිනිතිට වයස අවරුදු පහේදී. ඉතින් පළමු රාජ්‍ය සම්මානය මැයට ලැබෙන්නේ වයස අවරුදු හතේදී. ඉතින් මේ විදිහට තමයි ඇය රංගන දිවියට ඇතුලත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඇය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ හාර කෝටිය ටෙලි නාට්‍යයත් සමඟයි. ඉතින් ඊට පස්සේ කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, නෝපාර්කින් වැනි ටෙලි නිර්මාණ රැසක් හරහා අපට ඇයව දකින්න ලැබුණා.

ඉතින් ඒ වගේම ඇය සිරස රුපවාහිනීයේ විකාශය වන වොයිස් වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම ඉදිරියේදීත් ඇය රංගනයෙන් දායක වුනු ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණ රැසක්ම අපට දකින්නට පුළුවන් වේවි. ඉතින් ඒ වගේම සිරස නාලිකාවේ විකාශනය වුනු ෆිල්ම් ස්ටාර් වැඩසටහනෙනුත් අපට ඇයව දැකගන්න ලැබුණා. ඒ වගේම මේ දිනවල විකාශය වන වෙළඳ දැන්වීම් කිහිපයක් හරහාද අපට ඇයව නිතරම දකින්න ලැබෙනවා. ඉතින් මේ කවුරුත් ආදරය කරන සුරූපී නිලි දිනිති වල්ගමගේගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇයට ලස්සන කේක් කිහිපයක් වගේම අපූරු තෑගි ගොඩකුත් ලැබිලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඇයගේ රැකියාව ගුවන් සේවිකාවක් වුනත් ඇය රංගනයේ යෙදෙන්නෙත් ගොඩක් ආසාවෙන් කියලා තමයි ඇයනම් කියන්නේ. ඉතින් මේ දෙකම සමබර කරගෙන සාර්ථකව ජීවිතයේ ඉදිරියට පිය නගන තරුණියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් කවුරුත් ආදරය කරන මේ දක්ෂ සුරූපී නිලි දිනිතිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.