Celebrity Gossip

රජ සැප අතහැර සාමාන්‍ය වැසියෙකු වන තම ආදරණීය පෙම්වතාගේ අත ගත් අපූරු ජපන් කුමරිය

ජපානයේ මකෝ කුමරිය සහ ඇයගේ විශ්වවිද්‍යාල පෙම්වතා කෙයි කමුරෝ අතර විවාහ මංගල උත්සවය පසුගිය 26 වැනිදා සිදු වුණා. ඉතාමත් චාම් ආකාරයෙන් පැවැති එම මංගල උත්සවය ලෝකයටම පුවත් මවන්නක් වුණා. ඉතින් ඒ විවාහයත් සමඟ මකෝ කුමරියට ඇයගේ රාජකීයත්වය අහිම් වූ නිසයි. ඉතින් මෙම විවාහයත් සමඟ ආදරය වෙනුවෙන් රජ පවුලෙන් සමුගත් කුමරිය ලෙස මකෝ කුමරිය ප්‍රසිද්ධියට පත් වුණා. කුමරියගේ දීර්ඝ කාලීන පෙම්වතා කෙයි කොමුරෝ සාමාන්‍ය ජපන් පුරවැසියෙකි. ජපන් රජ පවුලේ නීතියට අනුව, රජ කුමරියක සාමාන්‍ය පුරවැසියකු සමග විවාහ වන්නේ නම් ඇයට රාජකීයත්වය අහිමි වනවා.

මකෝ කුමරියට ඇයගේ රාජකීයත්වය අහිමි වූයේ ඒ නිසයි. මෙම නීතිය ජපානයේ කුමාරයන්ට අදාළ වන්නේ නැහැ. කුමරියක එසේ සාමාන්‍ය වැසියකු සමග විවාහ වී රජ පවුලෙන් නික්මී යද්දී, රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ කැමැත්ත අනුව කුමරියට රාජකීය මංගල උත්සවයක් සඳහා අවස්ථාව ලබාදීම සිදු වනවා. එහෙත් මකෝ කුමරිය රාජකීය විවාහ මංගල උත්සවයක් ප්‍රතික්ෂේප්පු කරලා තිබුණා. රජ කුමරියක සාමාන්‍ය වැසියකු සමග විවාහ වී රාජකීයත්වය අත්හරින අවස්ථාවේදී එම කුමරියට රජ මැඳුරෙන් පිට වී යෑම වෙනුවෙන් ජපන් යෙන් මිලියන 150ක මුදලක් හිමි වනවා. මකෝ කුමරිය එම මුදල ද ප්‍රතික්ෂේෂ්ප කරලා තියනවා.

මකෝ කුමරිය මෙන්ම කොයි කමුරෝ ද 30 වැනි වියෙහි පසු වනවා. මකෝ කුමරියගේ මාපියන් වන්නේ ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරු සහ කිකෝ කුමරියයි. ෆුමිහිතෝ කුමරු සහ කිකෝ කුමරියගේ වැඩිමහල් දියණිය මකෝ වන අතර ඔවුන්ට තවත් දියණියක්ද සිටිනවා. ජපානයේ අධිරාජ්‍යයා නරුහිතෝ ය. මොහුට ද පුතුන් නොමැති අතර සිටින්නේ එකම එක දියණියක් පමණි. එහෙයින් ජපානයේ මීළග අධිරාජ්‍යයා බවට පත් වීමට නියමිත මකෝ කුමරියගේ පියා ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමාරයාය. කොහොම නමුත් විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කුමරියගේ මංගල උත්සවය ඉතාමත් චාමෙට පවත්වා තිබුණා.