Celebrity Gossip

මේ දවස් වල රටම කතාවෙන පුබුදු චතුරංගගේ උපන්දිනය වෙනුවෙන් සුරූපී බිරිඳ මාෂි තැබූ ප්‍රේමනීය සටහන

පුබුදු චතුරංග කියලා කියන්නේ අපේ රටේ අතිශය ජනප්‍රිය දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න ජනප්‍රිය සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ දිනවල ඔහු ගැන අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ ඔහු රංගනයෙන් දායක වුනු සිනමාපටයක ට්‍රේලර් එකක් නිකුත් වීම නිසයි. ඉතින් ඒ වගේම තමයි පුබුදු රංඟනයෙන් දායක උන හැම චිත්‍රපටයක්ම වාගේ ඉතාම ජනප්‍රිය වුණා.

ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියලා කියන්නෙත් ඉතාමත් දක්ෂ සුරූපී කළා තරුවක් විදිහට හදුන්වන්න පුළුවන්. ඉතින් පුබුදු චතුරංග වගේම පුබුදුගේ පෙම්වතිය වෙලා හිටපු කාලේ ඉදන් දැන් බිරිද වූ පසුවත් මාෂි සිරිවර්ධන ගැනත් නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා. පුබුදු චතුරංග ගැන කතා කරද්දී දැන් නිරන්තරයෙන්ම මතක් වෙන නමක් තමයි පුබුදුගේ ආදරණීය බිරිද මාෂි සිරිවර්ධන කියන්නේ. ඉතින් මාෂි සිරිවර්ධන නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය වගේම ආදරය දිනාගත්ත ඇය ද නිවුස් පේපර් කියන චිත්‍රපටයෙනුත් ඇයගේ රංගනයන් අපිට දැකබලා ගන්න පුළුවන් වුණා.

ඉතින් මේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ මාෂි ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ වසර ගණනාවකට පෙර මා ආදරය කළ අපූරු මිනිසාට සුභ උපන්දිනයක්. ඔබ කෙරෙහි මගේ ආදරය දිනෙන් දින වැඩි වෙමින් පවතී. සුභ උපන්දිනයක් මගේ පෙම්වතා යනුවෙන් පවසමින්.

ඉතින් පුබුදු චතුරංග විවාහ වෙන්නත් කලින් පුබුදු මාෂිට බොහෝ දෙනෙක් ආදරය කලා. ඉතින් ඒ වගේම කළා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය ආදර්ශවත් කළා යුවලක් තමයි පුබුදු මාෂි කියලා කියන්නේ. ඉතින් කාගේත් ආදරයට ගෞරවයට නිතරම පාත්‍ර වෙන මේ දෙන්නා නිරන්තරන්යෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල තුලින් අපිට දැකගන්න පුළුවන්.

ඉතින් මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු පුබුදු චතුරංගට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.