Celebrity Gossip

මේරියන්ස් නායක, ප්‍රවීණ ගායක නලීන් පෙරේරාගේ උපන්දිනය පවුලේ හැමෝම එක්ක ජයටම සමරපු හැටි

මේරියන්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධානියා විදියට කටයුතු කරන ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල නොමැකෙන සලකුණක් සටහන් කරමින් ගීත කලාව නව ආරෙකට රැගෙන ගිය ගායකයෙක් විදිහට නලීන් පෙරේරාව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම ලොකු පොඩි කියලා වයස් බේදයක් නැතිව හැමෝම ඔහුට ආදරේ කරනවා. ඒ වගේම තම පියාගේ අඩි පාරේ ඉදිරියට යන ඔහුගේ දියණිය ස්වේතා පෙරේරා කියලා කියන්නෙත් සමාජ මාධ්‍ය තුලින් නිතරම කතා බහට ලක්වෙන නැගී එන කළා තරුවක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් මේ රටක් ආදරය කරන ජනප්‍රිය ගායක නලීන් පෙරේරාගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් නලීන් පෙරේරා ඔහුගේ බිරින්දවයි සුරූපී දියණිය වගේම පුතාවත් එකතු කරගෙන අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔහු අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් ඒ වගේම නලීන් පෙරේරාගේ උපන්දිනයට සුබ පතපු ඔහුගේ ප්‍රේක්ෂකයින්ට ස්තූති කරන්නත් ඔහු අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් ඔහුගේ සාමාජ මාධ්‍ය වලට සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ උපන් දිනයට සුබ පැතුම් එක්කල මාගේ ආදරණීය රසික රසිකාවියන් සහ මාගේ මිතුරු මිතුරියන් මා වෙනුවෙන් දුන් ආදරයට ගොඩාක් ස්තුතී. ඉතින් මේ පහුගිය දවසක උපන්දිනය සමරපු මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ජනප්‍රිය ගායක නලීන් පෙරේරා උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක සමරපු අපූරුව ඔබට පහතින් නරඹන්නට පුළුවන්.