Celebrity Gossip

මහේෂී මදුසංකාගේ ආදරණීය චූටි දෝනී නුවර ගිහින් අත්තම්මයි සීයයි එක්ක උපන්දිනේ සැමරුවේ මෙහෙමයි

මහේෂී මදුසංකා කියලා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සැමියා සමඟ විවාහ ජීවිතය ඉතාමත් සුන්දරව සතුටින් ගත කරන මහේෂි දැන් ආදරණීය දරුවන් දෙදෙනෙකුගේම සෙනෙහෙබර මවක්ද වනවා.

ඉතින් ඇයගේ ආදරණීය පුංචි දියණිය ඉපදිලා මේ වෙනකොට වසරකුත් ගතවෙලා හමාරයි. ඉතින් මේ චූටි දෝනිගේ උපන්දිනය වෙනුවෙන් කරපු ආදරණීය සුන්දර ෆොටෝ ශූට් එකකුත් පහුගිය දවසක අපි ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති.

ඉතින් අද අපි කියන්න යන්නේ මහේෂී ඇයගේ ආදරණීය දියණියගේ උපන්දිනය මහනුවර පිහිටි මහගෙදරට ගිහින් ඇයගේ අම්මයි තාත්තයි සහ පවුලේ අනිත් අයත් එක්ක එකතුවෙලා චූටි දෝනිගේ උපන්දිනය මහනුවර ඉදලා සමරලා තිබුණු අපූරුවයි.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූප කිහිපයක්ම මහේෂී ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුනේ. පුංචි කෙනුලි නුවර අත්තම්මලා සීයලා එක්ක එයාගේ පළවෙනි උපන්දිනේ දවසේ සතුටින් හිටපු හැටි. අමතක නොවන ආදරණීය මොහොතක් කියලයි මේ සුරූපී නිළිය සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ.

ඉතින් ඒත් එක්කම පහුගිය දිනක පළමු උපන්දිනය සමරපු ජනප්‍රිය නිලි මහේෂිගේ පුංචි දෝනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.