Celebrity Gossip

මම තාම ළදරුවෙක් වගේ-විවාහ සංවත්සරය අමතක වුනු රෝහිත රාජපක්ෂ කියූ අපූරු කතාව

අපේ රටේ වත්මන් අගමැති තුමන් වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ නිතරම අපේ රටේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන චරිතයක් කිවුවොත් හරි. ඒ වගේම තමයි දක්ෂ රගර් ක්‍රීඩකයෙක් විදිහට ජනප්‍රිය ඔහු දැන් ගායන ශිල්පියෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහටත් කා අතරත් ජනප්‍රියයි. ඉතින් ඒ වගේම රෝහිත රාජපක්ෂ වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ ටට්යානා රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කාගේත් කතා බහට ලක්වෙන ආදරණීය සුන්දර යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ රාජපක්ෂ පවුලේ කාගේත් ආදරය දිනාගෙන ඉන්න රෝහිත රාජපක්ෂ එහෙමත් නැත්තන් චිචී පහුගිය කාලේ දෙවන වරටත් පිය පදවිය ලබපු බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ විදිහට රෝහිත රාජපක්ෂගේ ආදරණීය බිරිඳ ටට්යානා සිගිති දියණියක් තමයි දෙවෙනි වරට පසුගිය දිනයක මෙලොවට බිහි කරලා තිබුනේ.

ඉතිං මේ රෝහිත ටට්යානා ආදරණීය යුවලගේ විවාහ සංවත්සරය පහුගිය දිනක යෙදිලා තිබුණා. කොහොම නමුත් රෝහිත රාජපක්ෂට ඔවුන්ගේ සංවත්සරය අමතක වෙලා තිබුනා කියලා තමයි අපටනම් දැනගන්න ලැබුනේ. ඉතින් සංවත්සරය පහුවෙලා වෙලා හරි ඔහු ටට්යානාට සුබපතලා තිබුණා. ඉතින් රෝහිත ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අපූරු ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

සුබ සංවත්සරයක් ටට්යානා හැමදාම ඔයාට ආදරෙයි. මම ළදරුවෙක් වගේ. ඒක දිගු කාලයක්. ඒත් මට දැනෙන්නෙ ඊයේ වගේ කියලයි රෝහිත රාජපක්ෂ ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ ආදරණීය යුවලට අපිත් සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.