Celebrity Gossip

බෝනික්කියක් හා විවාහ වූ කායවර්ධන ශිල්පියා දික්කසාද වී තවත් බෝනික්කියක් හා විවාහ වෙයි

අපි අද මේ කියන්න යන්නේ කාන්තාවන්ට එච්චර හොඳ දෙයක්නම් නෙමෙයි. හැබැයි ඉතින් මේ දේ නිසා කාන්තාවන්ට ඉස්සරහට මොන මොන විදිහට පාඩු සිද්ද වෙයිද කියලනම් කියන්න බැහැ. පිරිමින්ගේ ලිංගික ඕනෑ එපාකම් සඳහා ලිංගික බෝනික්කන් මේ වෙනකොට යුරෝපයේ උන්මාදයක් බවට පත් වෙලා තියනවා. ඉතින් ඒ රටවල කාන්තා ආකෘති විදිහට නිර්මාණය කරලා තියන බෝනික්කන්ට කාන්තාවන්ටත් වඩා බොහොම ඉහල ඉල්ලුමක් තියනවා කියලා තමයි අපිට ආරංචිය. මේ එක බෝනික්කෙකුගේ වටිනාකම රුපියල් වලින්නම් තුන්ලක්ෂ විසිදාහක් පමණ වෙනවලු. මෙම බෝනික්කන් විවිධ උස ප්‍රමාණ වලින්, විවිධ පපු ප්‍රමාණ වලින් වගේම තමන් කැමති පරිදි විවිධ වර්ණ වලින් යුතු කේශ කලාප වලින් යුක්ත බෝනික්කන් වුවත් ලබා ගන්න පුළුවන්.

ඉතින් ඒ වගේම ලිංගික බෝනික්කන්ට කැමැත්ත දක්වන පුද්ගලයින් සංඛ්‍යාව දැන් මුළු ලෝකයේම ඉහල යමින් පවතිනවාලු. මනෝ විද්‍යාඥ්ඥයින් තමයි එහෙම කියන්නේ. සමහර පිරිමි ගෘහනියකට වඩා බෝනික්කෙක් එක්ක යහන් ගත වෙන්න ගොඩක් කැමතියිලු. ඒ වගේ අසාවක් හින්දා ලිංගික බෝනික්කෙක් සිය මනාලිය ලෙස තෝරාගෙන විවාහ කරගත්ත පුවතක් ගැන අපිට පහුගිය කාලයේ අහන්නට දකින්නට ලැබුණා. ඉතින් ඒ තමයි කසකස්තානයේ යූරි ටොලොච්කෝ නම් වූ මෙමෙ කායවර්ධන ශිල්පියා මාස 18 ක් තිස්සේ මාගෝ නම් වූ ලිංගික බෝනික්කි සමඟ පෙම් සබඳතාවක් පවත්වා 2020 නොවැම්බර් මාසයේදී විවාහ වෙලා තිබුණා.

ඉතින් මේ අපූරු ලෝකයක් කතා බහ කල විවාහ මංගල්‍යයයෙන් පසුව අපූරු සුන්දර ජීවිතයක් ගත කල ඔවුන් දෙදෙනා මේ වනවිට දික්කසාද වී ඇති බව අපට වාර්තා වුණා. ඉතින් ඒ වගේම ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම දික්කසාදය ගැන ඔහු සඳහන් කරලා තිබුණා. ඒ වගේම ඔහුගේ නව පෙම්වතිය ලෙස තෝරාගෙන තියෙන්නෙත් ලෝලා නමින් තවත් බෝනික්කියක් කියලත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා.