Celebrity Gossip

පුබුදු චතුරංගගේ ආදරණීය සුන්දර බිරිඳ මාෂි සිරිවර්ධන සිය 26වන උපන්දිනය ජයටම සමරපු හැටි

මාෂි සිරිවර්ධන කියලා කියන්නේ නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම් වලිනුත් කාගෙත් ආකර්ශනය වගේම ආදරය දිනාගත්ත දක්ෂ කළා ශිල්පිනියක් විදිහට හදුන්වන්නට පුළුවන්. ඇයගේ රංගන හැකියාව ද නිවුස් පේපර් කියන චිත්‍රපටයෙනුත් අපිට දැකබලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම මාෂි සිරිවර්ධන කියලා කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදන ශිල්පියෙකු ද වන පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ බව නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම මේ ආදරණීය යුවල ගැන කා අතරත් කතා බහට ලක්වෙනවා. කොහොම නමුත් මාෂිගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පුබුදු චතුරංගත් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල ආදරණීය සටහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මාෂි සිරිවර්ධනත් සටහනක් තබමින් පවසලා තිබුනේ අදින් ආරම්භ වන නව වසර මට ශ්‍රේෂ්ඨ වසරක ආරම්භය වේයැයි බලාපොරොත්තු වන බවයි.

ඉතින් මේ සුන්දර කළා ශිල්පිනිය මාෂි චාම්ව ලස්සනට සමරපු උපන්දින සාදය අතරතුරේදී ලබාගත්ත අපූරු සුන්දර ඡ‍ායාරෑප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙළේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ප්‍රමෝද් නිල්රූ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් ඒත් එක්කම ඊයේ දිනයේදී උපන්දිනය සමරපු මාෂිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම පුබුදුගෙයි මාෂිගෙයි ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment