Celebrity Gossip

පුංචි පැංචි ලෙසින් රටේම ආදරය දිනූ ප්‍රමුදි කරුණාරත්න පුංචි දියණියත් එක්ක දීවාලි සැමරුවේ මෙහෙමයි

ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ අපේ රටේ හිටපු කොයි කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී හුරුබුහුටි රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම මීට ටික කාලෙකට පෙර කළා ක්ෂේත්‍රයෙන් සමුගත් ඇය විවාහයත් එක්කම විදෙස් රටක පදිංචියට ගියා. කොහොම නමුත් මීට වසර ගණනකට ඉහතදී, එනම් ඇය කුඩා කාලයේදී සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කල සරෝජා චිත්‍රපටියෙන් වගේම පුංචි පැංචි වැඩසටහන නිසා ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන පුංචි කලා ශිල්පිනියක් වුණා.

ඉතින් ඒ වගේම ඇය රඟපෑ පලමු චිත්‍රපටයේ චරිතයටම අන්තර් ජාතික සම්මානයක් හිමිකරගැනීමට තරම් ඇය වාසනාවන්ත වුණා. ඉතින් එවැනි වටිනා අවස්ථාවකට හිමිකම් කියූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ. ඒ තමයි ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇයට වාසනාව හිමි වුණා.

කොහොම නමුත් දැන් ඇය ඉස්සර හිටපු පුංචි පැංචි නම් නෙවෙයි, කළා ක්ෂේත්‍රය හරහා දකින්න නොලැබුනත් දැන් ඇය පුංචි පැන්චියන් දෙදෙනෙකුගේම සෙනෙහෙබර මවක් වගේම ආදරණීය බිරිදක් කියන්න අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් එදා පුංචි ළමා නිලියක් වුනු මේ ආදරණීය රංගන ශිල්පිනිය ඊයේ දිනයට යෙදිලා තිබුන දීපවාලි දිනය සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූප කිහිපයක් ප්‍රමුදි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් කියලා තිබුනේ සුභ දිවාලි උත්සවයක් වේවා, දිවාලි උත්සවයේ සුන්දරත්වය සහ සැණකෙළිය ඔබේ නිවස සතුටෙන් හා ප්‍රීතියෙන් පුරවනු ඇත යනුවෙන් සටහනක්ද එකතු කරමින්. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පුංචි කැදැල්ලට අපි හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.