Celebrity Gossip

පුංචි තිරයේ සුරූපිනිය ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී නැවතත් සුන්දර උඩරට මනාලියක් වෙයි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කා අතරත් කතා බහට ලක්වෙන ඇය කාලෙන් කාලෙන් විවිධ කතා මවන්නියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඇය බොහෝ හැල හැප්පීම් බාදක හමුවේ කට පුරා සිනහවෙලා ඉන්න, රිදුනු තැන් සෙමෙන් අමතක කර ඇයගේ ගමන නොනැවතී අධිෂ්ඨානයෙන් යන මහා දාර ගැනීමේ හැකියාවක් ඇති ලොකු හදවතක උරුමකාරියක් කිවුවත් හරියටම හරි. ඇය පහුගිය කාලයේ විවාහ වෙලා සිටියේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන හර්ෂණ බෙත්මගේ සමඟයි. දැන්නම් ඔවුන් දික්කසාද වෙලා තමයි ඉන්නේ.

කොහොම නමුත් ඇය දැන් නිත්‍යානුකූල විවාහය විස්වාස කරන්නේ නැහැලු. ඇත්තටම කිවුවොත් ඇය ඇයගේ විවාහය ඇයගේ ආදරය කොලේකට සීමා කරන්න අකමැති කෙනෙක්ලු. මොකද සාමන්‍යයෙන් කොලයක් අපිට ඕන වෙන්නේ අවසානයේදී දික්කසාදය හෝ මරණය වෙලාවේදී දේපල ටික ගන්නයි මිනිය ගන්නයි විතරයි කියලයි ඇයනම් කියන්නේ. ඉතින් ඇයගේ ආදරේ ඊට වැඩිය පිරිසිදුයිලු. කොහොම නමුත් ඇය විවාහ වුනු කාලේදී ඇයට එහෙම නිත්‍යානුකූල විවාහය ගැන දහසක් තිබුනේ නෑ කියලයි ඇය ප්‍රකාශ කරන්නේ.

ඉතින් ඒ වගේම අපි මේ කතා කරන සුරූපී කළා ශිල්පිනිය වොල්ගා කල්පනී කැමරාවක් හමුවේ මුලින්ම පෙනී සිටියේ කුඩා කාලයේ රූපවාහිනී නාලිකාවේ විකාශනය වුනු අතුරු මිතුරු වැඩ සටහනේ නිවේදිකාවක් විදිහටයි. ඉතින් ඊට පස්සේ සිරස නාලිකාවේ රන්කොත් යාය වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත්, රූපවාහිනී නාලිකාවේ දේදුනු හැන්දෑවේ සහ දෙරණ නාලිකාවේ ලිට්ල් ස්ටාර් සීසන් වන් වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් අපිට ඇයව දැකගන්නට ලැබුණා. ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවේත්, හිරු නාලිකාවේත් නිවේදිකාවක් විදිහට ඇය වරින් වර කටයුතු කරලා තියනවා.

ඉතින් ඒ වගේම හද විල අරණ, හුස්ම වැටෙන මල්, පැණි කුරුල්ලෝ, සුළඟ මහා මෙරක වැනි ටෙලිනාට්‍ය රැසක් හරහාත් අපිට අයගේ රංගන හැකියාව දැක බලාගන්න ලැබුණා. මේ දවස් වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයටද ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක මනාලියක්ව සැරසිලා අපූරු ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අවස්ථාවේදී මේ තරම් ලස්සනට ඇයව කාමර කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ප්‍රවීණ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන චින්තන එම් හේරත් ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ දක්ෂ රංගන ශිල්පිනියගේ අපූරු ෆොටෝශූට් එකේ ලස්සන ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.