Celebrity Gossip

පියුමි හංසමාලි තම ආදරණීය පුතුගේ උපන්දිනය ලෝකෙටම ආදර්ශයක් වෙමින් සමරුවේ මෙහෙමයි

පියුමි හංසමාලි කියලා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන සුන්දර රූ සපුවකට හිමිකම් කියන ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් විනෝදයෙන් ජීවිතය ගත කරන ඇය දැන් මේ කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දහයක් පමණ වනවා. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි ඇය. ඒ වගේම තමයි ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. කොහොම උනත් ඇය පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්.

ඉතින් මේ පියුමි හංසමාලිගේ ආදරණීය පුතාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය මහගු පින් කමක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ තමයි දුප්පත් අසරණ පවුල්වල පුංචි ළමයින්ට ඔවුන්ට අවශ්‍ය කරන ද්‍රවය කිහිපයක් බෙදා දීලා තිබුණා. ඉතින් මේ අවැසිම මොහොතේ ඇය කල සත්ක්‍රියාව අගය කල යුතුම දෙයක්. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූප කිහිපයක් පියුමි ඇයගේ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුනේ.

අද මගෙ පුතාගෙ උපන් දිනය. Happy birthday පන, ඉතිං ගොඩක් ඇතකට ගිහින් පිනක් කර ගන්න හිතුවා. අනෙ බලන්නකො එයාලාගෙ සතුට. මුලින්ම කියන්න කැමතියි මම අද ඊයෙ ඉදලා පිං දහම් කරන කෙනෙක් නෙවෙයි. මට බනින සමහරක් උදවිය මට බැන බැන මම කරන දේවල්ම තමයි කරන්නෙ. I’m happy. ඉතිං මාව බලලා හරි පිං කරනවා නෙ.

ඔය පිං දහම් කරල අයගෙ profiles වලට ගිහින් බලන්නකො පරන පිංතුර වල ඔය පිං කරලා තියනවද කියලා. තනිකරම drama මොලේ ඇති මිනිසුනෙ අහුවෙන්න නම් එපා ඔය ලග එන චන්ද වලට වෙන්න පුලුවන්. කමක් නෑ ඩ්‍රාමා උනත් කාට හරි වෙන්නේ හොදක්නේ. Hahha අනෙ මම නම් චන්දෙ ඉල්ලන්න නෙවෙයි. මේ මගෙ විදිහ මම ආසයි පිං දහම් කරන්න. මිනිස්සුන්ට සේවයක් කරන්න. පාර්ලිමේන්තු යන්නම ඕනෙද නැනෙ. අපට පුලුවන් විදිහට උදව් උපකාරයක් කරනවා නම් එයයි මනුස්ස කම කියලයි ඇය පවසලා තිබුනේ.

ඉතින් මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු පියුමි හංසමාලිගේ පුංචි පුතාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඉදිරියේදී තව තවත් මෙවැනි පින්වන්ත කටයුතු කරන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.