Celebrity Gossip

පැය 24ම ලඟ තියාගන්න බැරි උනත් මම මගේ පැටියට හරි ආදරේ පුංචියෙක්-සුරූපී නිලි හේෂානි ලියදිපිට

ධරණි ටෙලි නාට්‍යයේ කතා නායිකාව ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන මේ සුරූපී ලලනාව ගැන දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොබදව දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියලා කියන්නේ. ඉතින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනියට දෙරණ අවුරුදු කුමරිය කිරුල හිමිකර ගැනීමටද වාසනාව ලැබුණා. ඉතින් ඒ වගේම ඇය ටෙලිනාට්‍යය වලින් අපට මෑතකදී දකින්න ලැබුනත් ඇය වෙළඳ දැන්වීම් හරහානම් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ ගොඩක් කාලෙකට ඉහතදී. ඒ නිසාම ඇය කලාවට ආගන්තුක කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඇය පැවසුවේ ඇය රඟපෑවේ තමන් හොඳටම දන්නා අයගේ වෙළඳදැන්වීම් වලට පමණක් බවයි. කොහොම නමුත් මේ සුරූපී නිළිය පහුගිය දිනක හරි අපූරු උපන් දින උත්සවයක් සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඒ ඇයගේ ආදරණීය සහෝදරියගේ පුතුගේ උපන් දිනය වෙනුවෙන්. ඉතින් එහිදී ලබාගත්ත අපූරු ඡායාරූප කිහිපයක් ඇය ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරමින් මෙන්න මේ වගේ ආදරණීය කතාවක් තමයි කියලා තිබුනේ.

මේ අපිට ඉන්න එකම මැණික. අයියටයි, මටයි, අක්කා දුන්න වටිනම තෑග්ග එයා. ඊයෙට එයාට අවුරුදු 4යි. ඉතින් මට ඕන උනා පුලුවන් විදිහට පුංචි පුදුමකිරීමක් එයා වෙනුවෙන් කරන්න. ආදරේ කර කර පැය 24ම ලඟ තියාගන්න බැරි උනත් මම මගේ පැටියට හරි ආදරේ පුංචියෙක්. සීයගෙයි ආත්තමගෙයි ලෝකෙම එයා. ඒ දෙන්නට මාවත් ගානක් නැති උනා එයා ආව දවසේ ඉදන් ගෙදරටම ඉන්න පහන මේ ඉතින් මේ දවස මේ විදිහට නිල් පාටින් ලස්සන කරන්න Delight Decors මට දුන්න සහයට ස්තූති. කලින් දවසේ රෑ කියලත් හිතුවටත් වඩා රසට ලස්සනට කේක් එක එවපු A Taste of Heaven ස්තූති අයියේ Kushi’s Bakes ස්තූති අක්කී අභී වෙනුවෙන් ඉල්ලුව පමාවට ලබා දුන් ආදරේට කියලයි සටහන් තබා තිබුනේ. ඉතින් මේ උපන්දිනය සමරපු පුංචි පුතුට අපිත් සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment