Celebrity Gossip

පාරදිගේ ටෙලි නාට්‍යයේ මානවී, සුරූපී නිලි සප්නා පාදුක්ක 23වෙනි උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍යයේ මානවීගේ චරිතයට පණ පොවන ඇය මේ වන විට අපේ රටේ කවුරුත් දන්නා චරිතයක් බවට පත්වෙලා.

කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනියගේ 23වන උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඇය ගෙදර ඉදන් බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුරූපී නිළිය ඇයගේ 23වන උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒ වගේම ඇයගේ ගම්පළාත තමයි ජා ඇළ. ඇයගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. ඉතින් ඒ වගේම ඇය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ කඳාන ශාන්ත සෙබෙස්තියන් බාලිකා විදුහලෙන්.

ඒ වගේම ඇය පොඩි කාලේ ඉඳලම නිළියක් වීමට සිහින දැක්ක කෙනෙක්. ඉතින් ඒ නිසාම තමයි ඇය ස්වර්ණ අවුරුදු කුමරියට අයැදුම් කරලා තියෙන්නේ. ඒ ඇය ස්වර්ණ කුමරිය අවසන් පහළොස් දෙනා අතරට තේරුණා.

ඉතින් ඒ වගේම ස්වර්ණවාහිනිය හරහා තමයි ඇයට පාර දිගේ ටෙලිනාට්‍යයේ මානවිගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. කොහොම නමුත් ඇයවත් හිතුවේ නැහැලු ඇයට මේ තරම් ඉක්මනට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙයි කියලා.

ඉතින් ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකින්ම ඇයට මේ වෙද්දී කතා කළාලු. කොහොම නමුත් ආරාධනා ලැබුණු පළියට ඇය එහෙම රඟපෑමට සම්බන්ධ වෙන්නේ නැහැ කියලයි ඇයනම් කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ ප්‍රතිරූපයට හානියක් නොවන විදියට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයිලු ඇයගේ අදහස.

ඉතින් මේ අද දින උපන්දිනය සමරන නවක නිලි සප්නාට අපිත් සුබම සුබ උපන්දිනය කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.