Celebrity Gossip

ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව සැමියත් එක්ක එකතුවෙලා ශේන් පුතාගේ උපන්දිනයට දීපු අපූරු සප්‍රයිස් පාටිය

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන අපේ සංගීත ක්ෂේත්‍රයට නැතුවම බැරි ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවස් වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්වූ චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් එයට හේතුව වුනේ සමිතා ඇයට වඩා වයසින් ගොඩක් බාල ලාබාල පෙම්වතෙක් සමගින් විවාහවීමයි. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධ කතා කියලා තියනවත් අපට අහන්නට දකින්නට ලැබුණා. කොහොම නමුත් සමිතයි චිරන්තයි කියන්නේ දැන් විවාහ වෙලා ඉන්න ආදරවන්තයන්. ඉතින් මේ දෙන්නා විවාහ වෙලා පහුගිය දවසක මේ දෙන්නාගේ පලවෙනි විවාහ සංවත්සරයත් ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ දරුවන් දෙදෙනෙකුගේම සෙනෙහෙබර අම්මා කෙනෙක්. ඉතින් සමිතාගේ පුතු වන ෂේන් අධිකාරීගේ 19වන උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් සමිතා ඔහුගේ සැමියත් එක්ක එකතුවෙලා බොහොම අපූරු උපන්දින පාටියක් ලස්සනට චාම්ව සංවිධානය කරලා තිබුණා.

ඉතින් ඒ වගේම සමිතා ඇයගේ දරුවන් දෙදෙනා ගැන පහුගිය දවසක පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. මගේ පුතා ගැන ගොඩක් අය දොස් කියලා තිබ්බා. මට අදටත් හරිම සතුටුයි මගේ පුතා ගැන, මගේ දූ ගැන. අනිත් දේ මට ගොඩක් අය කියනවා මගේ වයස ගැන. ඒත් මට ප්‍රශ්නයක් නෑ. ගොඩක් අය මම කතා කරන දේවල් අහලා ගොඩක් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. කෙනෙක් සතුටු වෙනවා නම් කෙනෙක්ගේ හැකියාව, හිනාව බලලා ඒක තමයි මනුස්සකම කියන්නේ. මට පොඩි කලේ ඉඳන්ම කිසිම අඩුපාඩුවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉගැනුම පැත්තෙනුත් මම හොඳටම ඉගෙන ගත්තා. ඒ ඉගෙනුමත් එක්කයි අද මන් මේ තැන ඉන්නේ.

මන් නම් කිසි කෙනෙකුට වෛර කරන්නේ නෑ. හැමදාම බුදුන් වැඳලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම දිර්ඝායුෂ ලැබෙන්න ඕනි කියලා. නමුත් ඉතින් බුදුන්ටත් ගල් පෙරලපු මිනිස්සු හිටියනේ ඉතින් අපි වගේ අයටත් එහෙම කරන එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. හැමෝම එහෙම නෑ මේ ටික දෙනෙක් ඉන්නවා සමාජයට පිළිලයක් වුන.

කොහොම නමුත් මට හොඳ දරුවන් දෙන්නෙක් ඉන්නවා, මට හොඳ ආදරයක් ලැබුණා. අනිත් දේ මම හොඳ වැදගත් අම්මා තාත්තා කෙනෙක්ගේ ළමයෙක්. හැබැයි දරුවෝ ලස්සනට හැදුවොත් දරුවෝ සලකයි. මම අදටත් සතුටු වෙනවා මගේ දරුවෝ ගැන. අනික මන් මගේ උත්සාහයෙන් ජීවත් වන කෙනෙක්. මන් ගැන මගේ දරුවෝ ගැන කාටවත් මොකුත් කියන්නේ බෑ. මොකද මන් කාගෙන්වත් ඉල්ලගෙන ජීවත් වෙන්නේ නෑ. අනික තමන්ට ලබා ගන්න බැරි දේවල් තව කෙනෙක් ලබා ගද්දි ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට කියලයි ඇය පවසලා තිබුනේ.

කොහොම නමුත් ඊයේ දිනයේදී උපන්දිනය සමරපු ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය ෂේන් පුතුට අපිත් සුබ සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.