Celebrity Gossip

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ පුතු භානුකගේ දියණියගේ උපන්දිනය ජයටම සමරපු හැටි

අපේ රටේ කාගේත් ආදරය වගේම ගෞරවය දිනාගෙන සිටින පහුගිය දා අප අතරින් සදහටම සමුගෙන ගිය ආචාර්ය ජයලත් මනෝරත්නයන් කියලා කියන්නේ කලාවේ විවිධ විෂයන් ස්පර්ශ කල වටිනා චරිතයක්. ඒ නිසාම ඔහුට විශාල රසික පිරිසක් ඉන්නවා. කොහොම නමුත් ඔහුගේ එකම පුතු වන්නේ භානුක ප්‍රබුද්ද මනෝරත්නයි. වෘත්තියෙන් ඔහු ඝනකාදිකාරවරයෙකු වශයෙන් කටයුතු කරනවා.

ඉතින් මේ භානුක මනෝරත්න ඔහුගේ ආදරණීය බිරිඳ සහ දරුවන් සමඟින් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ තමයි දිවිගෙවන්නේ. ඉතින් මේ භානුක මනෝරත්නගේ ආදරණීය වැඩිමල් දියණියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාව මේ පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා ඔස්ට්‍රේලියාවේ ඉදන් ජයටම සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම තමන්ගේ ආදරණීය වැඩිමහල් දියණියගේ උපන්දිනය ජයටම සමරමින් මෙන්න මේ විදිහේ සංවේදී කතාවක් පවසලා තියනවා අපට දැකගන්න ලැබුණා.

තමන්ගේ තීරණ විශ්වාස කරගෙන, තමන්ගේ ජීවිතය තමන් අතටම ගන්න වයසට, තවත් අවුරුද්දක් ලං වෙලා. අපි දෙන්නා උන්නත් නැතත්, ආදරෙයි තවත් අවුරුදු සීයකට. අපි දෙන්නගෙ ලේ ඇඟේ දුවන හින්දම නෙමෙයි, අම්මා තාත්තා ආමන්ත්‍රණය මුළින්ම අපිට ගෙනත් දුන්නෙ ඔයා නිසා. සමාජෙට වැඩදායී අනාගතේකට සුබ පැතුම් කියලයි භානුක මනෝරත්න බොහොම සංවේදී වෙමින් තමන්ගේ ආදරණීය වැඩිමහල් දියණියගේ උපන්දිනය සමරමින් පවසලා තිබුනේ.

ඉතින් රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ කළා ශිල්පියෙක් වන භානුක මනෝරත්නටත් ඔහුගේ ආදරණීය කැදැල්ලටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය දියණියටත් අපි සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපැතුම් එකතු කරමු. ඉතින් ඒත් එක්කම ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.