Celebrity Gossip

නෙහාරා සහ මේනකගේ පුංචි මෙයිලි දෝනිගේ මාස 11හේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ කළා ලෝකය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර යුවලක් තමයි නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ලට පහුගිය කාලේ කිරි සිනහවත් අරගෙන පුංචිම පුංචි පුළුන් බෝලයක් වගේ දූ පැටියෙක් එකතු වුණා. ඉතින් මේ මෙයිලි පුංචි දෝනි ගැන මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම මේ වනවිට කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන මේ ආදරණීය කැදැල්ල ගැන අපි නිතරම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. කොහොම නමුත් නෙහාරාගෙයි මේනකගෙයි ආදරණීය සුන්දර කැදැල්ල හැඩ කරන්න ආපු පුංචි අමුත්තිය මේ ලෝකෙට බිහිවෙලා දැන් මාස එකොළහකුත් ගත වෙලා.

ඉතින් මේ සුරංගනාවියක් වගේ ඉන්න දූ සිගිත්තියට මාස 11ක් පිරීම නිමිත්තෙන් මේ පුංචි පවුලම අපූරු ලස්සන හෝටලයකට ගිහින් නිවාඩුවක් ගත කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ජනප්‍රිය නිලි නෙහාරා පීරිස් පුංචි මෙයිලි දෝනිගේ අපූරු ආදරණීය ඡායාරූප පෙළක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ සුන්දර ඡායාරූප පෙළ එකතු කරමින් ඇය පවසලා තිබුනේ අපේ ඩොලි කෙල්ලට අදට මාස 11 යි කියලයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ පුංචි මෙයිලි දෝනිගේ හුරතල් පිරුණු අලුත්ම ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එකක්ම මේ පුංචි දෝනිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.