Celebrity Gossip

නිර්වාන් පුතු පැටියාගේ උපන්දිනය වෙනුවෙන් ආඩම්බරකාර තාත්තා රෝහිත රාජපක්ෂ තැබූ ආදරණීය සටහන

අපේ රටේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ නිතරම අපේ රටේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන චරිතයක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දක්ෂ රගර් ක්‍රීඩකයෙක් විදිහට ජනප්‍රිය ඔහු දැන් ගායන ශිල්පියෙක් විදිහටත් කා අතරත් ජනප්‍රියයි. ඉතින් රෝහිත රාජපක්ෂ පහුගිය දවසක ඔහුගේ නවතම ගීතයක් එළිදැක්වීම සිදු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ආශාවේ නමින් තමයි ඔහු මේ ගීතය එළිදැක්වීම සිදු කරලා තිබුනේ. ඒ වගේම රෝහිත රාජපක්ෂ වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ ටට්යානා රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කාගේත් කතා බහට ලක්වෙන ආදරණීය යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ මහින්ද රාජපක්ෂ පවුලේ කාගේත් ආදරය දිනාගෙන ඉන්න රෝහිත රාජපක්ෂ එහෙමත් නැත්තන් චිචී පහුගිය කාලේ දෙවන වරටත් පිය පදවිය ලබපු පුවත මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඒ රෝහිත රාජපක්ෂගේ ආදරණීය බිරිඳ ටට්යානා සිගිති දියණියක් පසුගිය දිනයක මෙලොවට බිහි කිරීමත් සමඟයි.

කොහොම නමුත් රෝහිත රාජපක්ෂගේ ලොකු පුතා වන නිර්වාන්ගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල‍ට ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ බබා නිර්වාන්ට සුබම සුබ උපන්දිනයක්. ඔබ අපේ ලෝකයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා කියලත් විස්වාස කරන්නත් අමාරුයි. ඔයා මට මගේ ජීවිතේ ගොඩක් දේවල් කියා දීලා තියනවා. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔය තව අවුරුදු ගානක් ඉස්සරහට ගිහිල්ලා ආපහු හැරිලා බලද්දී මතක තියා ගන්න මම හැමතිස්සෙම ඔයාගේ ලෝකේ අංක එක කියලා. ඉතින් ඒ විදිහටයි රෝහිත රාජපක්ෂ තම ආදරණිය පුතුගේ උපන්දිනය වෙනුවෙන් සෙනෙහබර සටහනක් එකතු කරලා තිබුනේ.

ඉතින් ඒත් එක්කම අපේ රටේ කවුරුත් ආදරය කරන රෝහිත රාජපක්ෂගේ පුත් නිර්වාන් රාජපක්ෂට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.