Celebrity Gossip

නිර්වාන් කුළුඳුලේ අපි අතරට ආවේ මට දයාබර සීයා පදවියත් අරගෙන-අගමැති මහින්ද රාජපක්ෂ මහතා

අපේ රටේ සුවහසක් ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන ආදරණීය ආදර්ශවත් පවුලක් තමයි රාජපක්ෂ පවුල කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය කැදැල්ලේ රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ කොයි කාගේත් කතා බහට ලක්වෙන රාජපක්ෂ පවුලේ ආදරණීය යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ දෙන්නගේ වැඩිමහල් පුතු වන නිර්වාන් රාජපක්ෂගේ දෙවෙනි උපන්දිනය ඊයේ දිනට යෙදිලා තිබුණා. ඉතින් ඒ ගැන අපි ඔබට මීට කලින් රසබර පුවත් අරගෙන ආවත් ඔබට මතක ඇති. කොහොම නමුත් නිර්වාන් රාජපක්ෂ පුංචි පුත් පැටියාගේ ආදරණීය සීයා වන අපේ රටේ වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා පුංචි නිර්වාන් පුතු පැටියාගේ උපන්දිනය වෙනුවෙන් ඉත්මත්ම අපූරු ආදරණීය සටහනක් එතුමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී මහින්ද රාජපක්ෂ මහතා බොහොම සෙනෙහසින් පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

අද අපේ නිර්වාන් පුතාගේ දෙවන උපන් දිනය. නිර්වාන් කුළුඳුලේ අපි අතරට ආවේ රෝහිත සහ ටැටියානා ට මාපිය පදවිය වගේ ම මට දයාබර සීයා පදවියත් අරගෙන. නිර්වාන් පුතා ට සතුට සැනසුම සපිරි සුබ උපන් දිනයක් වගේ ම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා කියලයි අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පුංචි නිර්වාන් පුතාගේ ඡායාරූපයකුත් එකතු කරමින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ.

ඉතින් ඒත් එක්කම ඊයේ දිනයේදී උපන්දිනය සමරපු මේ පුංචි නිර්වාන් පුතු පැටියට සුබම සුබ උපන්දිනයක් කියලා අපි නැවත වතාවක් හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.