Celebrity Gossip

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පොඩි හාමුදුරුවෝ, ජනප්‍රිය නළු සචින්ත රන්දීප යුග දිවියට එලඹෙයි

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කරයෝ ටෙලිනාට්‍යය කියලා කියන්නේ මේ දිනවල අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු කොයි කවුරුත් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සියලුම චරිත මේ වනවිට ලංකික ජනතාවගේ හදවත් තුල ලැඟුම් ගෙන අවසානයි. ඉතින් නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ පන්සල සහ හාමුදුරුවරු දෙනමත් අනිත් චරිත සේම අපේ රටේ මුළු මහත් ජනතාවගේම ආදරයට ලක්වූ ප්‍රසිද්ධ චරිත දෙකක් කිවුවොත් හරියටම හරි. ඉතින් අපි අද කියන්නට යන්නේ නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින්ත රන්දීප ගැන අලුත්ම අලුත් තොරතුරක් ගැනයි.

ඒ ඔහුගේ විවාහ මංගල ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරනවා. ඉතින් ඒ තමයි සචින්ත සහ ඉෂාරාගේ විවාහ මංගල ඡායාරූප කිහිපයක්. කොහොම නමුත් අපටනම් දකින්න ලැබුණු විදිහට හිතෙන්නේ මෙය මේ දෙන්නා එකතු වෙලා කරපු අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කියලයි. ඉතින් මේ සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තියෙන්නේ අපේ රටේ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන Portrait Master කියන ඡායාරූපකරන ආයතනය විසිනුයි. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ ඔවුන්ගේ කොණ්ඩා සැකසුම් සිදු කරලා තියෙන්නේ Dishy beauty parlour හී හෂිනි සෙව්වන්දි කියන රූපලාවන්‍ය ශිල්පිනිය විසිනුයි. ඉතින් ඒ වගේම ඔවුන්ගේ මේ තරම් ලස්සන ඇඳුම් සකස් කරලා තිබුනේ මල්ෂා මදුෂානි විසිනුයි. ඉතින් මේ හැමෝගෙම උදව්වෙන් නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ පොඩි හාමුදුරුවන්ට රංගනයෙන් දායක වන සචින්ත සහ ඉෂාරා එකතු වෙලා කරපු අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

Leave a Comment