Celebrity Gossip

නාඩගම්කාරයෝහි සරා සජිත ඇන්තනි සුරූපී බිරිද බුවීගේ උපන්දිනේ වෙනුවෙන් කියූ ප්‍රේමනීය කතාව

සජිත ඇන්තනී කියනවාට වඩා මේ දවස් වලනම් අපිට ඔහුගේ නම ගොඩක්ම අහන්න දකින්න ලැබෙන්නේ සරා කියලයි. පුංචි කාලේ ඉදලාම කළා ක්ෂේත්‍රයට එක් වුන සජිත සුරිය අරණ, අබා වැනි චිත්‍රපටි මගින් බොහෝ ජනප්‍රිය වුනා. ඒ වගේම මේ දින වල ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් නැවතත් රටේම ආදරය දිනා ගන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා. ඉතින් ඒ වගේම අපේ රටේ දක්ෂ ජනප්‍රිය කළා පවුලකින් පැවත එන ඔහු ප්‍රවීණ කළා කරුවකු වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ රංග ආභාෂය සහ ලේ උරුමය හිමි කරගත්ත ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බාල පුතුයි.

ඉතින් ඒ වගේම මේ දක්ෂ රංගන ශිල්පියා යුග දිවියට එලබුනේ සුරූපී සුන්දර තරුණියක් වන බුවී සමඟයි. ඉතින් මේ දෙන්නගේ ආදරණීය සුන්දර කැදැල්ල මේ වනවිට බොහොම ආදරෙන් සතුටින් ගෙවන බව කාටත් රහසක් නෙමෙයි. කොහොම නමුත් සජිතගේ ආදරණීය සුන්දර බිරිඳ බුවිගේ උපන්දිනය අද දිනයට යෙදිලා තියනවා. ඉතින් ඒ වෙනුවෙන් සජිත ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට බොහොම ආදරණීය සටහනක් එකතු කරලා තියනවා අපට දකින්න ලැබුණා. ඉතින් සජිත ඔහුගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් බොහොම සෙනෙහසින් සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ආකාසේ ඉඳන් සැහැල්ලුවෙන් ආදරේ කරපු කාලේ පහුකරන් මහ පොළොවට බැස්සහමත් ඒ ආදරේ ඒ නැවුම් බවින්ම ඔයා මට දුන්නා. ඔයාව මේ ලෝකෙට බිහි කරල දැඩි කරපු අම්මිටයි තාත්තිටයි මම අද දවසේ පින් දෙනවා. ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා. හැමදාමත් සතුටින් ඉනින ලැබේවා. මගෙ මැණිකේට සුභ උපන්දිනයක් වේවා කියලයි රටක් ආදරය කරන කඩවසම් නළු සජිත ඔහුගේ සුරූපී බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් තැබූ ආදරණීය සටහන.

ඉතින් අපිත් බුවීට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.