Celebrity Gossip

නාඩගම්කාරයෝහි මනමාලන්ගේ උපන්දිනයට සුරූපි බිරිද දුන්නු අපූරු බර්ත්ඩේ සප්‍රයිස් එක මෙන්න

මේ දවස්වල අපේ රටේ ජනප්‍රියම ටෙලිනාට්‍ය චරිතයක් තමයි නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ මාලන් කියලා කියන්නේ. ඉතින් මේ මාලන්ගේ චරිතයට අපූරු ලෙස පන පොවන්නේ ජනප්‍රිය සම්මානනීය නළු කෝකිල පවන් ජයසූරියයි. ඉතින් ඒ වගේම වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍යය තුල භාව්‍ය හැඟීම් ප්‍රකාශනය හරහා මැනවින් දස්කම් පාමින් කුඩා කාලයේ සිට අද දක්වාම ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් දේශීය විදේශීය සම්මාන රැසකට පාත්‍ර වුනු අපේ රටේ දක්ෂ නිහතමානී කළා කරුවෙකු විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. කෝකිල මෑතකදී විවාහ දිවියට එලඹුන බවත් බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. ඒ ඔහු කාලයක් ඉදන් හඳුනන ඔහුගේ හොඳම යෙහෙළිය නිමාලි ප්‍රනාන්දු සමඟයි.

01

ඉතින් මේ රටක් ආදරය කරන ජනප්‍රිය නළු කෝකිල පවන්ගේ උපන්දිනය අද දිනට යෙදිලා තියනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ඔහුවත් පුදුම කරමින් පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සංවිධානය කරලා තිබුණා. ඉතින් ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව මෙච්චර ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන අනුරාධ බණ්ඩාර ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ ජනප්‍රිය නළු කෝකිල ඔහුගේ උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක ජයටම සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

02

ඉතින් ඒ වගේම ඔහු ප්‍රේක්ෂකියින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වුනේ සිරි රජ සිරි ළමා චිත්‍රපටය තුළිනුයි. ළමයින් උදෙසාම නිර්මාණය කල මෙම ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන සිරිමල්ගේ චරිතය කෝකිලගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

03

2008 වශයේ චීනයේ ෆීනිස් දූපතේ කියන්ඩෝ නගරයේ පැවති දසවන අන්තර්ජාතික ළමා චිත්‍රපට සම්මාන උළලේදී රටවල් රැසකින් ඉදිරිපත් කෙරුණු චිත්‍රපට 250ක් අතරින් තරඟ වැදිලා හොඳම ළමා නළුවට හිමි සම්මානය දිනා ගන්නත් කෝකිල වාසනාවන්ත වුණා. මෙම සම්මානයේ විශේෂත්වය වන්නේ සිනමාවේ අසහාය රංගධර ජෝ අබේවික්‍රම මහතාගෙන් පසුව ශ්‍රී ලංකාවෙන් ඡාත්‍යන්තර සම්මානයක් දිනා ගත් පළමු රංගන ශිල්පියා කෝකිල පවන් ජයසූරිය වීමයි.

04

ඉතින් ඒ වගේම රයිගම් සම්මාන උළලේදී, රුපවාහිනී රාජ්‍ය සම්මාන උළලවලදී සහ සරසවි ළමා සම්මාන උළල රැසකදී කෝකිල සම්මානයට පාත්‍ර වෙලා තියනවා. හපන් පැදුර හරහා ගායනයට පිවිසෙන ඔහු හඬකැවීම් ක්ෂේත්‍රය තුලත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙලා තියනවා. සිංහල හඬ කැවීම්, ඉංග්‍රීසි කතා මාලා හඬ කැවීම්, කාටුන් හඬ කැවීම් වගේම වෙළඳ දැන්වීම් හඬ කැවීම් ශිල්පියෙක් ලෙසත් කෝකිල දක්ෂතා පෙන්වනවා. ප්‍රේක්ෂකයින් අතර ඉතාම ජනප්‍රිය වුනු හිමන්තරා ටෙලිනාට්‍යයේ බිග් බොස් ගේ චරිතයත්, මේ ආදරයයි ටෙලි නාට්‍යයේ ආදිගේ චරිතය වගේම, ජෝදා අක්බර්, මැජික් ළමයි, ආදර මායාව වැනි ටෙලිනාට්‍යය රැසකට හඬ කැවීමෙන් ඔහු දායක වෙලා තියනවා.

05

ඉතින් කළා ක්ෂේත්‍රයේ සෑම අංශයක් තුලින්ම දස්කම් පාන මේ අති දක්ෂ රංගන ශිල්පියාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

06

07

08

09

10

11

12

13

14

15