Celebrity Gossip

නාඩගම්කාරයෝහි කවඩියාගේ උපන්දිනේට කසිප්පු වාඩියේදී ලැබුණු අපූරු බිර්ත්ඩේ සප්‍රයිස් එක

සංගීත් ප්‍රභූ කියලා කියන්නේ අපේ කවුරුත් ආදරය කරන ආදරණීය කඩවසම් නවක රංගන ශිල්පියෙක්. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ එකිනෙකට වෙනස් චරිත රැසක් හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් අතරට එන ඔහු මේ වනවිට අපේ රටේ ටෙලිනාට්‍ය රැසකටම රංගන දායකත්වය ලබා දීලා තියනවා. මේ දවස්වල නම් සංගීත් බොහෝ දෙනාගේ හිත දිනාගෙන ඉන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියාගේ චරිතය හරහායි. ඒ වගේම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හැරුනම මේ දිනවල පෝක් වීදිය, සකුණ පියාපත් වැනි ටෙලි නාට්‍ය හරහාත් අපට ඔහුව දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් මේ දවස්වල හැමෝම අතරේ කතා බහට ලක්වෙන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියාගේ චරිතයේදී සරා ගෙන් ලැබෙන උදව් උපකාර බොහොම විශාලයි කියලා තමයි ඔහුනම් කියන්නේ. කවඩියාට සරා නැතුවත් බෑ සරාට කවඩියා නැතුවත් බෑ වගේ ස්වභාවයක් තමයි නාට්‍යයේ දී අපටත් දකින්න තියෙන්නෙත්. ඒත් එක්කම සැබෑ ජීවිතයේ ඔවුන් බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරනවා කියලත් සංගීත් පවසනවා.

ඉතින් මේ එකම පවුලක් වගේ ඉන්න නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සහෝදරයෝ ටික එකතුවෙලා සංගීත්ට අපූරු ස්ප්‍රයිස් පාර්ටි එකක් නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුරේදී වාඩියේදීම ලබා දීලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඔහුවත් පුදුම කරමින් ඔහු වෙනුවෙන් ලෑස්ති කරපු මේ අපූරු උපන්දින කේක් එක වනුවෙන් සංගීත් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා වලට සටහනක් එකතු කරමින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සහෝදරවරුන්ට ස්තූති කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. නාඩගම්කාරයෝන්ට ස්තුතියි මුලින්ම. නැවතත් ස්තුතියි. මතකයන් අමතක කල නොහැකියි යනුවෙන් සඳහන් කරමින්.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියා ඔහුගේ 27වන උපන්දිනය රූගත කිරීම් අතරතුර සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එක්කම ජනප්‍රිය නළු සංගීත් ප්‍රභූට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පතන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.