Celebrity Gossip

නර්තන ශිල්පිණී අසේකා විජෙවර්ධන 29වෙනි උපන්දිනය සුපිරි කලා තරු පිරිවරාගෙන ජයටම සැමරපු හැටි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී නර්තන ශිල්පිනියක් තමයි අසේකා විජේවර්ධන කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂ නර්තන ශිල්පිනියගේ මව සහ පියා වන උපුලි පණිභාරත විජේවර්ධන සහ චන්න විජේවර්ධන කියලා කියන්නෙත් අපේ රටේ සිටින කවුරුත් ආදරය කරන ප්‍රවීණතම නර්ථන ශිල්පීන් යුවලක් කියලා නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය යුවලගේ එකම දියණිය තමයි අපි මේ කතා කරන අසේකා විජේවර්ධන කියන්නේ. ඉතින් මේ සුරූපී නර්ථන ශිල්පිනියගේ 29වන උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තියෙනවා.

ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය කළා තරු කිහිප දෙනෙක් වගේම ඇයගේ යහළු යෙහෙලියන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපුරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් ඒ වගේම අසේකාත් දෙමව්පියන් සතු මේ අපූරුව නර්ථන හැකියාව උත්පත්තියෙන්ම ගෙනත් තියෙනවා කිවුවොත් හරියටම හරි. අසේකා අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ඉතා දක්ෂ නර්ථන ශිල්පිණියක්. ඉතින් ඒ වගේ ලංකාවේ ප්‍රධානම ප්‍රසංගවල වේදිකාව නර්තනයෙන් සරසන්නේ ඇයයි, නමින් නොදන්නවා වුනත් බොහෝ අය ඇයව රුවෙන් හඳුනනවා ඇති, මොකද අසේකගේ රුව එතරම්ම ඕනෑම කෙනෙකුගේ ඇසට හුරු පුරුදුයි. අපේ රටේ විතරක් නෙමෙයි ඇය මේ වෙද්දී ඡාත්‍යන්තරයේද ඇගයීමට ලක්වෙලා තියනවා.

ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනිය ඇයගේ 29වෙනි උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒත් එකක්ම ඇයට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරන ගමන් මේ දක්ෂ සුරූපී නර්තන ශිල්පිනියගේ ඉදිරි වැඩකටයුතුත් සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.