Celebrity Gossip

ධරණි ටෙලිනාට්‍යයේ චන්ඩි රැජින සුරූපී නිලි දිලූෂි හංසිකා පවුලේ හැමෝමත් එක්ක උපන්දිය සමරපු හැටි

දෙරණ නාලිකාවේ විකාශනය වන ධරණි ටෙලිනාට්‍ය බලන අයටනම් මේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ සුරූපී දඟකාර කටකාර කෙල්ල තමයි ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් ඒ වගේම චන්ඩි කෙල්ලෙක්ගෙ චරිතයක් කරන මේ සුන්දර රංගන ශිල්පිනියගේ නම තමයි දිලුෂි හංසිකා. ඉතින් මේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

මේ සුරූපී රංගන ශිල්පිනිය ඉපදිලා තියෙන්නේ කටුබැද්ද ප්‍රදේශයේ. දෙහිවල ශුද්ද වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරපු ඇය දැන්නම් කලණි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයාවක්. ඉතින් ඒ වගේම 2020 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේදී තුන්වෙනිස්ථානය දිනගන්නට වාසනාව හිමි වුනේද මේ සුරූපී නිලි විනුලිට තමයි. ඉතින් ඇය කියන විදිහටනම් ඇය රංගනයට කැමැත්තක් දක්වලා නැහැ. ඒත් මේ තරඟයට ඇයට ඉදිරිපත් වෙන්න කියලා කියලා තියෙන්නෙත් ඇයගේ පවුලේ අය සහ යහළුවෝ කියලයි ඇයනම් කියන්නේ.

ඉතින් කොහොමෙන් කොහොම හරි මේ සුරූපී නිළිය අද වන විට අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට දැනටමත් පත්වෙලා හමාරයි. ඉතින් මේ දිලුෂි කියන විදිහට ඇය ඇත්ත ජීවිතේදීත් විනුලිගේ චරිතයට සමානයිලු. සැබෑ ජීවිතයේදීත් ටිකක් නපුරු කෙනෙක් කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ධරණි කියන්නේ ඇයගේ පළමු ටෙලි නාට්‍ය නිසා ගොඩක් කැපවීමෙන් ඉගෙනගැනීම් ගොඩක් එක්ක තමයි ඇයට මේ ටෙලිකතාවට දායක වෙන්න වෙලා තියෙන්නේ කියලා තමයි අපිට ආරංචි. ඉතින් ඇය කියන විදිහටනම් ඉදිරියේදී තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා ටිකක් කාර්යබහුල වුනත් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යාම අනාගත සිහිනය බවත් ඉදිරියේදී තමන්ට ලැබෙන හොඳ නිර්මාණ පමණක් තෝරා බේරා ගෙන මේ කළා ක්ෂේත්‍රයේද නියැලෙනවා කියන එක තමයි මේ සුරූපී දිලුෂිගේ අනාගත බලාපොරොත්තුව.

ඉතින් මේ අපූරු නවක රංගන ශිල්පිනිය ඇයගේ පවුලේ හැමෝමත් එක්ක උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම ඇයට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ අධ්‍යාපන කටයුතු මෙන්ම කළා ගමනත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.