Celebrity Gossip

දෙවෙනි ඉනිමේ නිලූ, ජනප්‍රිය නිලි අරුණි මෙන්ඩිස් උඩරට සිරිතට යුග දිවියට එලඹෙයි

අරුණි මෙන්ඩිස් කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇයව අපට පහුගිය කාලයේ විවිධ නිර්මාණ තුළින් දැකගන්න හැකි වුණා. ඉතින් ඒ අතර දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ නිලූගේ චරිතයට ජීවය දුන් ඇය ඒ හරහා අපේ රටේ බොහෝ සෙයින් කතා බහට ලක්වුණා.

01

ඉතින් ඒ වගේම අවුරුදු හතරක පමණ කාලයක ඉඳලා දෙවෙනි ඉනිමේ රංගනයට දායක වන ඇය දැන්නම් වැඩිය කළා නිර්මාණ වලට සහභාගී වෙන්නේ නැහැලු. ඉතින් ඒ වගේම මේ දවස් වල නිවාඩු වෙලාවට ඇය කරන්නේ පැරැණි ටෙලිනාට්‍ය, චිත්‍රපට නරඹන එකලු ගෙදරට වෙලා. කොහොම නමුත් එක දිගට රාජකාරි වැඩකටයුතු සමඟ කාලය ගෙවපු නිසා හිතට පුංචි සැහැල්ලුවක් තියෙනවාලු මේ දිනවල ගෙදරට වෙලා විවේකීව ඉන්න නිසා.

02

ඉතින් ඒ වගේම ඇය දැන් පෙම්වතියක් කියලත් හැබැයි තවම විවාහ වෙන්න කාලයක් යොදාගෙන නැහැ කියලත් ඇය පහුගිය දවසක පවසලා තිබුණා. මොකද රටේ මේ පැතිරෙන කොවිඩ් වසංගතයත් එක්ක ඇයට ඒ ගැන දැන්ම හිතලා දින වකවානු වෙන්කරන්න බැරි නිසා.

03

කොහොම නමුත් මේ දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක බොහොම ලස්සනට උඩරට මනාලියක්ව සැරසිලා ගයාන් කියන කඩවසම් තරුණයත් එක්ක එකතුවෙලා අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. හැබැයි බොහෝ දෙනෙක් හිතලා තිබුනේ මේ දෙන්නා ඇත්තටම විවාහ වෙලා කියලා. නමුත් අපිට දැනගන්න ලැබුණු විදිහට මේක මේ දෙන්නා එකතු වෙලා කරපු ලස්සන ෆොටෝ ශූට් එකක් විතරයි.

04

කොහොම නමුත් මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට ප්‍රේමනීයව පෙනෙන අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න STUDIO SHYAM PHOTOGRAPHY ආයතනය විසිනුයි.

05

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති ජනප්‍රිය නිලි අරුණි මෙන්ඩිස්ගේ අලුත්ම වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

06

07

08

09

10

11

12

13

14

15