Celebrity Gossip

දෙවෙනි ඉනිමේ ආක්ෂා, සුරූපී නිලි නෙත්මි රොෂෙල් අහසේ පාවෙමින් ඇයගේ 23වන උපන්දිනය සමරපු හැටි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා මෙන්ම පහුගිය කාලයේ විකාශනය වුනු රාවණා ටෙලිනාට්‍ය හරහාත් අපට ඇයගේ රංගන හැකියාවන් දැකගන්න ලැබුණා. දෙවෙනි ඉනිමේ ආක්ෂා විදිහට තමයි ඇය මේ දිනවලනම් අපේ රටේ බොහෝ දෙනෙක් හදුනන්නේ.

ඉතින් ඒ වගේම 2019 රූපවාහිනී අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැළදූ ඇය අද වන විට සුන්දරත්වය හින්දම රංගන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වෙලා හමාරයි. ඉතින් මේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ කළමණාකාර උපාධිය හදාරන මේ කටකාර දඟකාර යුවතියගේ 23වන උපන්දිනය ඊයේ දිනට යෙදිලා තිබුණා.

ඉතින් ඒ වෙනුවෙන් මේ සුරූපී රංගන ශිල්පිනිය නෙත්මි රොෂෙල් බොහොම අපූරු වෙනස්ම විදිහක ෆොටෝශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න Luvi Photography ආයතනය විසිනුයි.

ඉතින් ඒ වගේම නෙත්මිගේ යහළු යෙහෙලියන් වගේම පවුලේ හැමෝමත් එකතු කරගෙන ඇයගේ උපන්දිනය වෙනුවෙන් බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවත් කැමරා කාචයට හසුකරගන්න ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු සුරූපී නිලි නෙත්මි රොෂෙල්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ 23වන උපන්දිනය කවදාවත් අමතක නොවෙන විදිහට සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.