Celebrity Gossip

දෙරණ නිවේදක කලිදු කරුණාරත්න 27වෙනි උපන්දිනය ඔහුගේ පෙම්වතිය මනීෂත් එක්ක ජයටම සමරපු හැටි

අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් තමයි කලිදු කරුණාරත්න කියලා කියන්නේ. දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකක් විදිහට අපිට ඔහුව නිතරම දකින්න ලැබෙනවා. කොහොම නමුත් මේ දක්ෂ නිවේදන ශිල්පියා විවාහ ගිවසගෙන ඉන්නේ අපේ රටේ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් වන මනීෂා චංචලා සමඟ කියන්න දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම කලිඳුගේ 27වන උපන්දිනය ඊයේ දිනට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ ආදරණීය පෙම්වතිය මනීෂාවත් එකතු කරන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නෑ. ඉතින් මේ තරම් ලස්සනට මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන විසිත් කාවින්ද කියන ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් ඒ වගේම කලිදු ඔහුගේ උපන්දිනය දවස ලස්සනට කරපු අයට වගේම සුබ පතපු අය වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ මේ අවුරුද්දේ තමයි මට හොඳම උපන්දිනය තිබුණේ. මනිෂා චංචලා සහ උදව් කරපු හැමෝටම ස්තුතියි, ඔයාලා මගේ දවස ලස්සන කළා කියලයි.

ඉතින් ඒත් එක්කම ඊයේ දිනයේදී උපන්දිනය සමරපු අපේ රටේ කව්රුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිවේදක කලිදුට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපතන ගමන් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.