Celebrity Gossip

ජීවිතයෙන් සමුගත් පෝල් වෝකර්ගේ දියණියගේ විවාහ මංගල්‍යයේදී වින් ඩීසල් පෝල්ගේ තැන ගනී

ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් කතා මාලාවේ රසිකයන්ට අද ඉතාම සංවේදී දවසක් වෙලා තියනවා. ඉතින් ඒ රිය අනතුරක් හේතුවෙන් ජීවිතයෙන් සමුගත් ඉතාම ජනප්‍රිය කඩවසම් නළුවකු වන පෝල් වෝකර්ගේ දියණිය වන මෙඩෝගේ විවාහ මංගල්‍යය අද දිනයේදී ඉතාමත්ම උත්කර්ෂවත් අයුරින් පවත්වලා තිබුණා.

වින් ඩීසල් යනු මෙඩෝගේ ගෝඩ් ෆාදර් වන අතර, මෙඩෝ මුල්ම ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් (2000) චිත්‍රපටයේ රඟපෑමට වසර දෙකකට පෙර උපත ලැබීය. ෆ්‍රැන්චයිස් හි බ්‍රයන් කෝනර් ලෙස රඟපෑ පෝල් වෝකර් 2013 දී, එනම් වයස අවුරුදු 40 දී රිය අනතුරකින් මිය ගියේය.

කොහොම නමුත් පෝල් වෝකර්ගේ දියණිය වන මෙඩෝ වෝකර් නළුවෙකු වන ලුවී තෝර්න්ටන් ඇලන් සමඟ අද දින විවාහ වූ අතර, ඒ ගැන සඳහන් කරමින් මෙඩෝ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් ඒ බව ප්‍රකාශයට පත් කරලා තිබුණා. වින් ඩීසල් ඇයගේ පියා වන පෝල් වෝකර් වෙනුවට අන්තරාලයේ ඇවිද යන විට ලබාගත් ඡායාරූපයක්ද ඇය අන්තර්ජාලයට එහිදී එකතුකරලා තිබුණා.

ඉතින් ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් කතා මාලාවේ වින් ඩීසල් ඩොමිනික් ටොරෙටෝගේ චරිතය නිරූපණය කරන නිසා ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් ප්‍රේක්‍ෂකයින්ට මෙම ප්‍රවෘත්තිය ගැන දැඩි සංවේදී හැඟීමක් ඇති වෙලා තියනවා.

ඉතින් එම නිසා පෝල් වෝකර් වෙනුවට ඇගේ මංගල උත්සවයේදී මෙඩෝ වෝකර් සමඟ වින් ඩීසල් මාවත දිගේ ඇවිදගෙන යනවා දුටු විට මාව වෙව්ලමින් ඇස් දෙකින් කදුළු වැටුනා යනුවෙන් එක් රසිකයෙක් සටහනක්ද එකතු කරලා තිබුණා.