Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිළි ශලනි තාරකා ඇගේ 31වෙනි උපන්දිනය කලා තරු වටකරන් ජයටම සැමරුවේ මෙහෙමයි

රූපවාහිනිය මෙන්ම සිනමාවද ජයගත්ත පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දැක ගන්න ලැබෙන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයව දක්ෂ නිවේදිකාවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. මේ වනවිට ගීත රචිකාවියක් විදිහටත් ඇය කටයුතු කරනවා. කොහොම නමුත් ලාංකීය ටෙලිනාට්‍ය ඉතිහාසයේ නොබිදී පැවතෙන වාර්තාවක් 2020 රයිගම් ටෙලි සම්මාන උළලේදී සම කරන්නට අපේ රටේ මේ ජනප්‍රිය ටෙලි තාරකාවට හැකි වුණා. 1996 වසරේ සුමති ටෙලි සම්මාන උළලේදී වසරේ ජනප්‍රියම නිලියට හිමි සම්මානය සහ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලියට හිමිවන සම්මානය එකම වේදිකාවකදී හිමිකරගනිමින් රංගනවේදී චාන්දනී සෙනෙවිරත්න විසින් තැබූ වාර්තාව වසර විසිතුනක ඇවෑමෙන් සිය දෝතට ගන්න අපි මේ කතා කරන නිලි තරුව ශලනි තාරකාට හැකියාව ලැබුණා.

01

ඉතින් ඒ වගේම කළා ක්ෂේත්‍රය තුල ජනප්‍රිය රංගන ශිල්පීන් අතරට එක්වන්නත් ඉතාම කෙටි කාලයක් තුලදී ඇයට හැකියාවක් ලැබුණා. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතයෙන් සහ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන චලෝ ටෙලිනාට්‍යයේ චලෝගේ චරිතය හරහාත් අපට ඇයව දැකගන්න ලැබෙනවා. ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා.

02

ඉතින් ඒ වෙනුවෙන් මේ සුරූපී රංගන ශිල්පිනිය අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය කළා තරු රැසක්ම එකතු කරගෙන ඇයගේ උපන්දිනය ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඇය අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ අපූරු අවස්ථාවේ සුන්දර දසුන් මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න 𝐃 𝐀𝐫𝐭𝐳 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 ආයතනය විසිනුයි.

03

ඉතින් මේ පහුගිය දිනක උපන්දිනය සමරපු දක්ෂ ජනප්‍රිය සුරූපී නිලි ශලනි තාරකාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20