Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි හේෂානි ලියදිපිට ආදරණීය සහෝදරියගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කල අපූරු පාටිය

ධරණි ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන මේ සුරූපී ලලනාව ගැන දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියලා කියන්නේ. ඉතින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනියට දෙරණ අවුරුදු කුමරිය කිරුල හිමිකර ගැනීමටද වාසනාව ලැබුණා. ඉතින් ඒ වගේම ඇය වෙළඳ දැන්වීම් හරහානම් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ ගොඩක් කාලෙකට ඉහතදී. ඒ නිසාම ඇය කලාවට ආගන්තුක කෙනෙක් නම් නෙමෙයි. කොහොම නමුත් මේ සුරූපී නිළියගේ සහෝදරියගේ උපන්දිනය ඊයේ දිනයේදී යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් හරි අපූරු උපන් දින උත්සවයක් හේෂානි ලියදිපිට විසින් සංවිධානය කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ලබාගත්ත අපූරු සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරමින් මෙන්න මේ වගේ ආදරණීය කතාවක් තමයි කියලා තිබුනේ.

ආදරණීයව සටහන් කරමි, අම්මයි අප්පච්චී මට දුන්න ජීවිතේට හැමෝටම නොලැබෙන වටින තෑග්ගක්. එයා දෙවනි උනේ අම්මට විතරයි. ලේ කිරි නොවුනා විතරයි. මහ හුගක් දේවල් පැහැදිලි කරන්න අද වචන පෝසත් නෑ. කදුලුම විතරයි අකුරු වෙන්නේ. එයාගේ උපන්දිනේ. උවමනා උනේ පුංචියට මගෙන් පුලුවන් දෙයක් දෙන්න. තනියම නෙවෙයි .මට උදව් කරපු එයාලට ස්තූති කරන්න ඕන.

@delight_and_decors වචනේ විතරයි, විස්තර කරන්න ඕන නෑ. හිතන දේට එහයින් හොදම දේ දෙන අක්කටයි, අයියටයි ස්තූති. @bitterbutterbatter_3bslk ස්තූති ගැලපෙන විදිහට ලස්සන කේක් එකක් එව්වට එයා වෙනුවෙන්. @sugarmartcakes ස්තූති අක්කී ලස්සන කේක් එකක් එව්වට. @takentaste_ ඉතාම සුලු මොහතකින් වචනයට දැක්වූ සහයෝගයට ස්තූතියි. රසම savory items වලට ස්තූති. @the_fairy_cake_shop ස්තූති නංගි රසම sweets වලට @delights_by_amenda_ ස්තූති නංගි කෙල්ල රසම දේ. හැමදාම මගේ ලස්සනම දවස් capture කරන කොලූ @uditha_dinujaya ස්තූති මල්ලි. ඉතින් එයාගේ දවස වෙනුවෙන් කැපවුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඔබේ ආදරයට හුගක් ආදරෙන්. මම හෙශානි ලියදිපිට කියලයි ඇය ඇයට උදව් කල හැමෝමට ස්තූති කරමින් සටහනක් එකතු කරලා තිබුනේ.

ඉතින් ඒත් එක්කම මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු ජනප්‍රිය සුරූපී නිලි හේෂානි ලියදිපිටගේ ආදරණීය සහෝදරියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපැතුම් එකතු කරමු.