Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි ශෂී ඇන්ජලීනා කළා තරු වටකරගෙන ඇයගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියක් තමයි ශෂී ඇන්ජලිනා කියලා කියන්නේ. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය කළා තරු කිහිප දෙනෙක් වගේම ඇයගේ යහළු යෙහෙලියන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

01

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති සුරූපී නිලි ශෂී ඇයගේ උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න ලස්සනම නිලියන් අතරේ කැපී පෙනේනේ සුන්දර දඟකාර රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වා දෙන්න පුළුවන්. ඉතින් දඟකාර කටකාර ඇයට හැමෝම වගේ කැමතියි.

02

ඒ වගේම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින ඇය සැබවින්ම නිහතමානී ආදරණීය චරිතයක් බව හැමෝම දන්නවා. මන්දාරම් අහස හරහා හැමෝගෙම ආදරය දිනාගත් ඇයට අදටත් ප්‍රේක්ෂක ආදරයේ අඩුවක්නම් දකින්නට නැහැ. ඉතින් ඒ වගේම මේ දිනවල අපට ඇයව ITN නාලිකාවේ විකාශනය වන පෝක් වීදිය ටෙලිනාට්‍ය තුලින් වගේම ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශනය වන සකල ගුරු ටෙලිනාට්‍ය තුලිනුත් දැකගන්න ලැබෙනවා. රංගනයට වගේම නර්තනය නිවේදනය නිරූපනය යන සෑම අංශයකටම ඇය දක්වන්නේ ඉමහත් දක්ෂතාවයක්.

03

මියුසික් වීඩියෝවක් හරහා කලා ගමන ආරම්භ කරන ශෂී ඇන්ජලීනාව මේ වන විට අපේ රටේ නොදන්නා කෙනෙක් නොමැති තරම්. ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි විසින් නිර්මාණය කළ නොදැක ඉන්න බැහැ කියන මියුසික් වීඩියෝව හරහා මුලින්ම රංගනයෙන් දායක වෙලා මේ වන විට දිගු ගමනක් ඇවිල්ලා තිබෙනවා.

04

ඒ වගේම අපේ රටේ පෙරළියක් ඇති කරපු චිත්‍රපටයක් වන රෂ් චිත්‍රපටයටද ඇය රංගනයෙන් දායක වුණා. කොහොම නමුත් තවමත් තනිකඩ ජීවිතයක් ගතකරන ශෂී ඇන්ජලීනාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20