Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි ශලනි තාරකා ඇගේ 31වෙනි උපන්දිනය වෙනුවෙන් කරපු අපූරු සුන්දර ෆොටෝශූට් එක

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම සුරූපී නර්තන ශිල්පිනියක් විදිහටත් ශලනි තාරකා හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වනවිට ගීත රචිකාවියක් විදිහටත් ඇය කටයුතු කරනවා. ඒ වගේම සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නට තරම් වාසනාවන්ත වුනු දක්ෂ කළා ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතයෙන් සහ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන චලෝ ටෙලිනාට්‍යයේ චලෝගේ චරිතය හරහාත් අපට ඇයව දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා.

ඉතින් ඒ වෙනුවෙන් මේ සුරූපී රංගන ශිල්පිනිය අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය සුපිරි කළා තරු රැසක්ම එකතු කරගෙන ඇයගේ උපන්දිනය ජයටම සමරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ ගැන අපි පහුගිය දවසක ඔබ වෙත තොරතුරු අරගෙන ආවත් ඔබට මතක ඇති. කොහොම නමුත් මේ විදිහට ඇය ජයටම සමරලා තිබුනේ ඇයගේ 31වන උපන්දිනයයි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ 31වන උපන්දිනය අමතක නොවන දිනයක් කර ගන්න අපූරු ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන දනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ සුරූපී නිළිය ඇයගේ 31වන උපන්දිනය වෙනුවෙන් කරපු අපූරු සුන්දර ෆොටෝශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් මේ පහුගිය දිනක උපන්දිනය සමරපු දක්ෂ ජනප්‍රිය සුරූපී නිලි ශලනි තාරකාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.