Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි මහේෂි මධුසංකා පවුලේ අයත් එක්ක උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

මහේෂි මධුශංකා කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සැමියා සමග විවාහ ජීවිතය ඉතාමත් සුන්දරව සතුටින් ගත කරන මහේෂි දැන් ආදරණීය දරුවන් දෙදෙනෙකුගේම සෙනෙහෙබර මවක්ද වනවා. ඉතින් ඒ වගේම කාගේත් ආදරය දිනාගෙන ඉන්න මහේෂි කාලෙකට පස්සේ ආපහු වතාවක් පුංචි තිරයේ අපිට දැකගන්න ලැබුනේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුනු ඇය කියන ටෙලිනාට්‍ය හරහායි. කොහොම නමුත් මහේෂි කියලා කියන්නේ පවුල් ජීවිතේට මුල්තැන දෙන කෙනෙක්. ඒ නිසාම ඇය කැමති අවුරුද්දකට එක නිර්මාණයකට හෝ දෙකකට සම්බන්ධ වෙන්නලු. ඒ හැරෙන්න කලා ජීවිතේට සමුදෙන්න නම් ඇයගේ කිසිම අදහසක් නැහැලු.

කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය බොහොම අපූරු ලස්සනට ෆොටෝශූට් එකකුත් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම එම අපූරු ලස්සන ෆොටෝශූට් එක අපි පහුගිය දවසක ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති.

ඉතින් ඒ වගේම ඇයගේ ආදරණීය සැමියත් පුංචි පැටව් දෙන්නත් එකතු කරගෙන නිවසේ ඉදන් පුංචි උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඇයට ආදරණීය සැමියාගෙන් බොහොම වටිනා තෑගි ලැබිලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ පවුලේ හැමෝමත් එක්ක ජනප්‍රිය නිලි මහේෂි උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එක්කම පහුගිය දිනක උපන්දිනය සමරපු ජනප්‍රිය නිලි මහේෂිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.