Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි තරින්දි ෆර්නෑන්ඩු පවුලේ අය වටකරගෙන උපන්දිනේ ජයටම සැමරුවේ මෙහෙමයි

තරින්දි ෆර්නෑන්ඩු කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම පහුගිය දවස්වල හිරු මෙගා ස්ටාර් වේදිකාවේ දැක්වූ නර්තන හැකියාවන් නිසාත් ඇය අපේ රටේ කා අතරත් කතා බහට ලක්වුණා. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙන්න ඉන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟින් කියන්නත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම ඇයගේ පෙම්වතා ඇයට මේ මොහොත වෙනකම්ම හැම අතින්ම ලොකු සහයෝගය ලබා දීලා තියනවලු. ඉතින් ඒ දෙන්නා අතර තියෙන ඒ අන්‍යෝන්‍ය අවබෝධය නිසා තමා මේ දෙන්නටම එකම ගමනක් යන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඔවුන්ට තාම එක වහලක් යටට එන්න බැරි වෙලා තියෙන්නේ මේ කොවිඩ් නිසාලු. දැනට නිශ්චිත දිනයක් නැති වුනත් මේ දෙන්නගේ අදහස් හොඳින්ම ගැලපෙන නිසා බොරුවට ලොකුවට වියදම් කරලා වෙඩින් එකක් ගන්න දෙන්නම කැමති නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම මේ දෙන්නම හිතන් ඉන්නේ කවුරුත් නොකරපු විදියට දෙයක් කරන්නලු. කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය තරින්දිගේ උපන්දිනය අද දිනට යෙදිලා තියනවා.

ඉතින් ඒ වෙනුවෙන් ඇයගේ පවුලේ හැමෝමත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

කොහොම නමුත් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසුව කලාවට පිවිසි තරින්දි මේ වෙද්දී ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන ඉන්න කළා ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ ජනප්‍රිය කළා ශිල්පිනිය පවුලේ හැමෝමත් එකතු කරගෙන ඇයගේ උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම අද දින උපන්දිනය සමරන මේ සුරූපී කළා ශිල්පිනී තරින්දිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපැතුම් එකතු කරමු.