Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි ඕෂදී හේවාමද්දුම වැඩිමල් පුතුගේ 9වෙනි උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

ඕෂදී හේවාමද්දුම කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් විදිහට ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන පහුගිය කාලයේ බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණේ ඇය දේශපාලනයට පිවිසීම නිසයි. කොහොම නමුත් පහුගිය දවසක ඕෂදීගේ ලොකු පුතාගේ නමවෙනි උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් ඕෂදී පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් බොහොම අපූරු සුන්දර උපන්දින සාදයක් පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඒ වගේම ඕෂදී හේවාමද්දුම ඇයගේ පුතා වෙනුවෙන් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට ඉතාමත්ම සංවේදී සටහනක් එකතු කරමින් මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ.

දැන් ඔයා අවුරුදු නමයක ඉලන්දාරියෙක්. අද ඊයේ වගේ ඔයා ඉපදුන දවස තාමත් මතකයි මට. ලොකු මිනිහෙක් නෙමෙයි, අනුන්ගේ දුක හදුනන හොඳ මිනිහෙක් වෙන්න කියලයි අම්මා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ උපන්දිනයක් මගේ පුතා සස්නිත තිවේන් බුලත්සිංහලට කියලයි ඇය බොහොම ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ.

ඉතින් ඒ වගේම තමයි මේ ආදරණීය පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මේ පුංචි පුතාගේ උපන්දිනය ජයටම සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒ වගේම මේ අපුරු අවස්ථාවේ මේ තරම් ලස්සනට ඔවුන්ව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ යසස් බුද්දික සේනාරත්න කියන ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් හැමෝමත් එක්ක එකතුවෙලා උපන්දිනය සමරපු සස්නිත පුංචි පුතාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.