Celebrity Gossip

ජනප්‍රිය වයලීන් වාදන ශිල්පියෙකු මෙන්ම දක්ෂ සංගීතඥයෙක්ද වන දිනේෂ් සුබසිංහ යුග දිවියට එලඹෙයි

දිනේෂ් සුබසිංහ කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ නව පරපුර නියෝජනය කරන අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සංගීතඥයෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම මීගමුව ප්‍රදේශයෙන් බිහිවුණු වයලීන් වාදනය සඳහා නිසඟ හැකියාවක් ඇති ඔහු පල්ලිය ඇසුරු කොටගෙන හැදී වැඩුණු කෙනෙක් හැටියටත් ඉතාම ප්‍රසිද්ධයි. අපේ රටේ බොහෝ කළා නිර්මාණ වලට ඔහුගේ සංගීතය නැතුවම බැහැ. ඒ වගේම ඔහු අති දක්ෂ වයලින් වාදකයෙක් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම හෝ ගානා පොකුණ චිත්‍රපටයේ සහ සිරි සිරිමල් වැනි ටෙලිනාට්‍ය තුලින්ද ඔහුගේ හැකියාවන් ජනතාව අතරට සමීප වුණා. ඉතින් ඊට පස්සේ ඔහුගේ හැකියාවන් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ඇගයීමටද ලක්වුණා. ඉතින් ඒ වගේම ඔහු අපේ රටේ බිහිවුණු අති දක්ෂ මෙන්ම ප්‍රවීණතම සංගීතඥයෙක් වන ප්‍රේමසිරි කේමදාසයන්ගේ දක්ෂ ගෝලයෙක් විදිහටත් හදුන්වන්න පුළුවන්.

ඒ වගේම ඔහුට වාදනය කල නොහැකි වාදන භාණ්ඩයක් නොමැති තරම්. ඉතින් ඒ වගේම ඔහු වැඩිය කැපී පෙනෙන චරිතයත් නොවුනත් නිහඩ ජීවිතයක් ගත කරන දිනේෂ් සුබසිංහ පහුගිය දා විවාහ දිවියට එලඹිලා තියෙනවා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ඔහුගේ අතගත් ආදරණීය බිරිඳ වන්නේ දුලානියි. ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහ ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ අලුත බැඳපු ආදරණීය යුවල දිනේෂ්ට සහ දුලානිට සුබ විවාහ මංගල්‍යක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු.

Leave a Comment