Celebrity Gossip

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මිලියන ගානක් වටින රත්තරං අයි පෝන් එකක් මිලට ගනී

අපේ රටේ කවුරුත් දන්න හදුනන සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසංහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සිරස ඩාන්සින් ස්ටාර් තරඟාවලියේ තරඟ කරුවන් තරු ලෙස හැඩකර රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු චන්දිමාල් ජයසිංහ දිනෙන් දින තමන්ගේ හැකියාවන් වගේම ඔහුගේ දක්ෂතාවයන් ඔප්නංවා ගනිමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ අද වනවිට නමක් දිනූ දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට හදුන්වන්නට පුළුවන්. ඉතින් ඔහුගේ රූපලාවන්‍ය නිර්මාණ මෙන්ම ඔහුගේ උපන්දින සාද නිසාද චන්දිමාල් අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය චරිතයක් කිවුවොත් හරියටම හරි.

හැම අවුරුද්දකදීම චන්දිමාල්ගේ උපන්දිනය රාජකීය අයුරින් සමරන්න ඔහු අපූරු උපන්දින සාදයක් රෝයල් බර්ත්ඩේ පාටිය නමින් සංවිධානය කරනවා. ඉතින් ඒ වගේම මේ අවුරුද්දේ චන්දිමාල්ගේ උපන්දිනය සමරන්න ඔහුට නොහැකි වුණා. ඉතින් එයට හේතුව වුනේ අපේ රටේ පවතින කොරෝනා වසංගත තත්වයත් එක්ක රට වසා තිබීමයි.

කොහොම නමුත් හරියටම උපන්දිනය දවසේ සමරන්න බැරි වුනත් ඔහුගේ උපන්දිනය පහුගිය දවසක රට විවෘත කිරීමෙන් අනතරුව අපේ රටේ ඉන්න සුපිරි තරු පිරිවරාගෙන ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ දක්ෂ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියා අපේ රටේ ප්‍රථම වතාවට කැරට් 24 රත්තරං වලින් නිමවූ අයි ෆෝනයක් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් නිර්මාණය කරගෙන තියනවා. ඉතින් ලෝකයේ සුළු පිරිසකට පමණක් ලබා ගැනීමට හැකියාව තිබෙන මේ ආකාරයේ ජංගම දුරකථන සුඛෝපභෝගී භාණ්ඩයක් විදිහටත් හදුන්වනවා. ඉතින් ඒ වගේම මෙම අපූරු දුරකථනයේ ඡායාරූපයක් ඔහු ඔහුගේ සමාජ මාධ්‍ය වලට එකතු කරමින් පවසලා තිබුනේ මේ ලෝකෙ කරන්න බැරි දේවල් නෑ, හිතට බෑ කියලා හිතෙන දේවල් විතරයි තියන්නේ කියලයි.

ඉතින් මිලියන ගානක් වටිනා මෙම රත්තරං අයි ෆෝනය චන්දිමාල් ඔහුගේ උපන්දිනය සැමරීමෙන් පසුව හැමෝටම ප්‍රදර්ශනය කරලා තියනවා. විශේෂම කාරණය මෙම අපූරු දුරකථනය පිටුපස ඇපල් ලෝගෝ එකට අමතරව චන්දිමාල්ගේ ලෝගෝ එක සහ චන්දිමාල්ගේ නමත් සඳහන් කර තිබීමයි. ඉතින් කැරට් 24 රත්තරං වලින් නිම වූ මෙම අපූරු වටිනා ජංගම දුරකථනයක් මේ වනවිට හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකුට පමණයි. ඉතින් ඒ තමයි චන්දිමාල් ජයසිංහ.