Celebrity Gossip

ජනප්‍රිය ප්‍රවීණ නිළි දුලීකා මාරපන තම සැමියාගේ මවගේ උපන්දිනයට දීපු අපූරු බර්ත්ඩේ සප්‍රයිස් එක

දුලීකා මාරපන කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ප්‍රකට ඇය මේ දිනවල කියා දෙන්න ආදරේ තරම්, පොක් වීදිය, දිවිතුරා, Interනැසනල් යන ටෙලිනාට්‍ය කිහිපයම හරහා ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ සුජීව ප්‍රියාල් එක්ක කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම මේ දවස්වල තේමිය කියන චරිතයාට අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඉතින් මේ තේමිය විදිහට පණ පොවන්නේ දිවිතුරා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන සුජීව ප්‍රියාල්. සුජීව ප්‍රියලාල් කියන නම අහපු පමණින්ම ඔහු කවුද කියලා හැමෝම දන්නවා. දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ප්‍රවීණ අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ සුජීවගේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා.

ඉතින් මේ වෙනුවෙන් ප්‍රවීණ නිලි දුලීකා මාරපන ඇතුළු පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා සුජීව ප්‍රියාල් තම ආදරණීය මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සංවිධානය කරලා තිබුණා. ඉතින් ඒ වගේම මේ ආදරණීය අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක සමරපු අපුරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එකක්ම මේ ආදරණීය මෑණියන්ට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.