Celebrity Gossip

ජනප්‍රිය ප්‍රවීණ නළු සනත් ගුණතිලකයන් කලාකරුවන් වටකරගෙන උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් රැන්දූ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි සනත් ගුණතිලක කියලා කියන්නේ. 1978 වර්ෂයේ ආරම්භ වූ විජය ධර්මශ්‍රීගේ සිටු කුමරියෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු මෙරට සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් සම්මානනීය රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. පසුකලෙක ඔහු රංගන භූමිකාවෙන් එහාට ගොස් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළා. ඉතින් ඒ වගේම අසූව දශකයේ සිට මෑත යුගය දක්වාම ඔහු බොහෝ සිනමා නිළියන්ගේ පෙම්වතා වූ බව කාටත් අමුතුවෙන් මතක් කර දෙන්නට අවශ්‍ය නැහැ.

ඉතින් එදා වගේම අදත් කවුරුත් ආදරය කරන අපේ රටේ සිනමාවේ අද්විතීය චරිතයක් වන රංගන ශිල්පී සනත් ගුණතිලකයන්ගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් පහුගියදා ඔහුගේ උපන්දිනය සැමරුවේ සීතල ඊතල චිත්‍රපටියේ දර්ශනතලයක වීමත් සුවිශේෂයි.

ඉතින් ඒ වගේම මේ තවත් කළා තරු රැසක් සමඟ සනත් ගුණතිලකයන් උපන්දිනය සමරපු අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පියා රූ ගත කිරීම් අතරතුර ඔහුගේ උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන සීතන් ගුණවර්ධන ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් මේ උපන්දිනය සමරපු ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකයන්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.