Celebrity Gossip

ජනප්‍රිය ප්‍රවීණ ගායක නාමල් උඩුගමගේ උපන්දිනය පවුලේ හැමෝම එක්ක ජයටම සැමරුවේ මෙහෙමයි

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ කියන පද පේලිය ඇසූ සැනින් මතකයට එන ඒ සුන්දර කටහඩේ අපූරු හිමිකරුවා තමයි නාමල් උඩුගම කියන දක්ෂ ප්‍රවීණ සංගීතවේදියා. ඉතින් එතෙක් මෙතෙක් ගත වූ දශක තුනක පමණ කාලයේ නාමල් උඩුගම ද ලංකාවේ ජනප්‍රිය ගී තරු අතර තාමත් බැබළෙන තරුවකි. ආදරවන්තයන්ගේ හදවතට කිසිදාක අමතක නොවෙන ගීත ගොන්නක් ගායනා කරපු සොඳුරු ගායකයෙක් තමයි ඔහු. ඉතින් ඒ වගේම ඔහු තමන්ගේ හඩින් රසික රසිකාවියන් අතර උන්මාදයක් ඇති කළ ගායකයෙක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම ඔහු ගීත ගායනා කරන අවස්ථාවල කට හෙලවෙන හැටි අනුකරණය කරන්න උත්සහ කරපු අය අතරේ සමහරවිට අනිවාර්යයෙන්ම ඔබත් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ වේදිකාවට නැතුවම බැරි ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි නාමල් උඩුගම කියලා කියන්නේ. කොහොම නමුත් ජනතාවගේ රසික හදවත් හොරා ගත් මේ ආදරණීය ගායන ශිල්පියා ගැන පහුගිය කාලයේ සමාජජාල මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක් වුණා.

ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිද අපි කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රුවන්ති මංගල අබේසුන්දර රංගන ශිල්පිනිය ගැනත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ ආදරණීය කළා යුවලට ආදරණීය සෙනෙහෙබර දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා. 2015 දී දරුණු ලෙස රෝගාතුර වූ නාමල් සාර්ථක අක්මා බද්ධයකින් පසුව යලි පෙර පරිදි සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වාසනාවන්ත වුණා. කොහොම නමුත් රටක් ආදරය කරන මේ දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියාගේ උපන්දිනය අද දිනට යෙදිලා තියනවා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝම එකතු වෙලා බොහොම අපූරුවට ඔහුගේ උපන්දිනය සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ලබාගත්ත ආදරණීය ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් අද දින උපන්දිනය සමරන නාමල් උඩුගමට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පතන ගමන් ඔහුටත් ඔහුගේ ආදරණීය කැදැල්ලටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.