Celebrity Gossip

ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධන තම ආදරණීය නැගණිය රුවීගේ 24 වෙනි උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම රූ රැජිනක් තමයි විනූ සිරිවර්ධන කියලා කියන්නේ. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය 2012 දී මිස් වර්ල්ඩ් 2012 තරගාවලිය සඳහාද අපේ රට නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම පසුගිය කාලයේ ඇයට 2019 නෙල්සන් මෙන්ඩලා සාම සම්මානයද ලබා ගැනීමට වාසනාව හිමිවුණා. කොහොම නමුත් ඇය මේ වනවිට විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන බවනම් අපේ රටේ කාටත් රහසක් නෙමෙයි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙක් සමඟයි. ඉතින් ඒ වගේම විනූ සිරිවර්ධනගේ මේ ආදරණීය පුංචි කැදැල්ලෙන් තවත් අලුත්ම සතුටුදායක කතාවක් අපට පහුගිය දවස් වල අහන්න ලැබුණා. ඉතින් ඒ තමයි විනූ සිරිවර්ධන සහ ඇයගේ ආදරණීය සැමියා කොලඹ නගරයේ තියෙන අති සුඛෝපභෝගී අලුත්ම නිවසක පදිංචියට ගිහින් තියනවා.

ඉතින් ඒ වගේම මේ ජනප්‍රිය නිලියට ඇය වගේම ගොඩක් ලස්සන නංගි කෙනෙක් ඉන්නවා කියන්නනම් අපේ රටේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ විනූ සිරිවර්ධනගේ එකම නැගණිය වන රුවී සිරිවර්ධනගේ 24වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ අපුරු සුන්දර අවස්ථාව පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා ජයටම සමරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ අපූරු උපන්දින සාදයේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම පහුගිය දිනක උපන්දිනය සමරපු විනූ සිරිවර්ධනගේ ආදරණීය නැගණියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපැතුම් එකතු කරමු.