Celebrity Gossip

ජනප්‍රිය නිළි මහේෂි මධුසංකා තම ආදරණීය චූටි දෝණිගේ 1වෙනි උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

මහේෂි මධුශංකා කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සැමියා සමඟ විවාහ ජීවිතය ඉතාමත් සුන්දරව සතුටින් ගත කරන මහේෂි දැන් ආදරණීය දරුවන් දෙදෙනෙකුගේම සෙනෙහෙබර මවක්ද වනවා. ඉතින් ඒ වගේම කාගේත් ආදරය දිනාගෙන ඉන්න මහේෂි කාලෙකට පස්සේ ආපහු වතාවක් පුංචි තිරයේ අපිට දැකගන්න ලැබුනේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුනු ඇය කියන ටෙලිනාට්‍ය හරහායි.

01

ඉතින් ඒ වගේම කවුරුත් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනියගේ චූටි දෝනිගේ පලවෙනි උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඇය බොහොම අපූරු ලස්සනට ෆොටෝශූට් එකක් පවුලේ හැමෝම එකතු කරගෙන කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මෙම අපූරු සුන්දර අවස්ථාවේ ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන යෝෂිත ලියනගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

02

කොහොම නමුත් මහේෂි කියලා කියන්නේ පවුල් ජීවිතේට මුල්තැන දෙන කෙනෙක්. ඒ නිසාම ඇය කැමති අවුරුද්දකට එක නිර්මාණයකට හෝ දෙකකට සම්බන්ධ වෙන්නලු. ඒ හැරෙන්න කලා ජීවිතේට සමුදෙන්න නම් ඇයගේ කිසිම අදහසක් නැහැලු.

03

ඉතින් ඒ වගේම ඇයගේ ආදරණීය සැමියත් පුංචි පැටව් දෙන්නත් එකතු කරගෙන පුංචි දුවගේ උපන්දින ජයටම සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ පවුලේ හැමෝමත් එක්ක ජනප්‍රිය නිලි මහේෂිගේ පුංචි දූ සිගිත්තගේ උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

04

ඉතින් ඒත් එක්කම මහේෂි ඇයගේ ආදරණීය දුවගේ උපන්දිනය වෙනුවෙන් බොහොම සෙනෙහබර සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. පුංචි කෙනුලි ඔයාට සුභම සුභ උපන්දිනයක්. ඔයා මෙච්චර ඉක්මනට ලොකු වුණා කියලා හිතාගන්නවත් බෑ. ඔයාට අම්මයි අප්පච්චි අයියයි හුඟාක් ආදරෙයි. අද වගේ පළවෙනි උපන්දිනය නිහතමානි ආදර්ශමත් උගත් බුද්ධිමත් හොඳ දරුවෙක් වෙන්න අම්මා ඔයාට ආශිර්වාද කරනවා. හැමදාම සතුටෙන් ඉන්න මගේ රත්තරන්, බුදු සරණයි කියලයි.

05

ඉතින් ඒත් එක්කම අද දින පළමු උපන්දිනය සමරන ජනප්‍රිය නිලි මහේෂිගේ පුංචි දෝනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20