Celebrity Gossip

ජනප්‍රිය නිවේදිකා සචිනි නිපුංසලාගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා දුන්නු අපූරු සප්‍රයිස් එක

කවුරුත් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් තමයි සචිනි නිපුංසලා කියලා කියන්නේ. දෙරණේ සචිනි කිවුවොත් ඇයව නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර් හරහා දක්ෂ නිවේදිකාවක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසිනුත් ඇය කා අතරත් අතිශයින් ජනප්‍රියයි. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ඇය ටික කාලෙකට කලින් යුග දිවියට පිවිසුනේ ඉසුරු රන්දෙනියත් සමඟයි.

ඉතින් මේ කවුරුත් ආදරය කරන දක්ෂ කළා ශිල්පිනියගේ 29වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාව වෙනුවෙන් ඇයගේ ආදරණීය සැමියා ඉසුරු ඇයගේ යහළු යෙහෙලියන් වගේකුත් එකතු කරගෙන බොහොම අපූරු ස්ප්‍රයිස් පාටියක් ලස්සනට චාම්ව සංවිධානය කරලා තිබුණා.

කොහොම නමුත් 2006 වසරෙදී තමයි සචිනි මුලින්ම දෙරණට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඇය පාසල් අධ්‍යාපනය ලබමින් තමයි ඉදලා තියෙන්නේ. ඒ කාලේ දෙරණට සම්බන්ධ වුණු ගමන තමයි ඇය තාම දෙරණ සමග ඉන්නේ. ඉතින් ඒ වගේම ප්‍රේක්ෂකයන් ඇයව ගොඩාක්ම අදුනගත්තේ ලිට්ල් ස්ටාර් වැඩසටහන හරහායි.

ඉතින් ඒ වගේම ඇය මුලින්ම පාසල් ගිහින් තියෙන්නේ විද්‍යාසුර බාලිකාවට. ඊට පස්සේ උසස් පෙළට විශාඛා බාලිකාවට ගිහින් තියනවා. උසස් පෙළින් පසුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මාර්කටින් පිළිබඳව උපාධිය ලබා ගැනීමටත් ඇයට මේ වෙද්දී හැකියාව ලැබිලා තියනවා.

ඉතින් මේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනපිය නිවේදන ශිල්පිනිය ඇයගේ 29වන උපන්දිනය ආදරණීය සැමියත් එක්ක සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එකක්ම සචිනි ඇයගේ උපන්දිනය වෙනුවෙන් සුබපතපු අයට වගේම ඇයවත් පුදුම කරමින් අපූරු සුන්දර සප්‍රයිස් පාටියක් ලෑස්ති කරපු හැමෝමට ස්තුති කරමින් සටහනක් එකතු කරලා තිබුනේ මගේ 29 වෙනි අවුරුද්ද අමතක නොවන එකක් බවට පත් කළ සැමට ස්තූතියි. ඔයාලා හැමෝම මගේ ජීවිතේ ඉන්න එක ගැන ගොඩක් පින් කියලයි.

ඉතින් මේ උපන්දිනය සමරපු සචිනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.