Celebrity Gossip

ජනප්‍රිය නිවේදක මාධව විජෙසිංහ සහ ආදරණීය බිරිද පලමු විවාහ සංවත්සරේ වෙනුවෙන් මුලු සිරුරම දන්දෙයි

මාධව විජෙසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන ජනප්‍රියම නිවේදන ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් දෙරණ නාලිකාව හරහා නිරන්තරයෙන්ම නිවේදන ශිල්පියෙක් විදිහට ඔබ හමුවට එන මාධව විජෙසිංහ පහුගිය අවුරුද්දේ විවාහ වුනු බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම විවාහ වෙලා මේ වෙද්දී කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන බවත් කාටත් රහසක් නෙමෙයි. මාධව විජේසිංහ කළා ක්ෂේත්‍රයට පිවිසියේ වයස අවුරුදු පහේදී. ඔහු 2005 වසරේදී දෙරණ නාලිකාවේ ආරම්භ කල ළමා රියැලිටි වැඩසටහනක් වන ලිට්ල් ස්ටාර් වැඩසටහනේ ආරම්භයේ සිටම එහි නිවේදකයෙකු ලෙස කටයුතු කලා කියන්න අපි හැමෝම දන්නා දෙයක්. කොහොම නමුත් මාධව සහ නදුනි මේ වෙද්දී විවාහ වෙලා වසරකුත් ගත වෙලා.

ඉතින් ඔවුන්ගේ පලවෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් හැමෝටම ආදර්ශයක් ලබාදෙමින් මේ ආදරණීය යුවල බොහොම අපූරු වැඩක් කරලා තිබුණා. ඉතින් ඒ ගැන පවසමින් මාධව විජෙසිංහ ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

අදට අපි විවාහ වෙලා අවුරුද්දක්. කේක් කපලා, party දාලා සමරනවට වැඩිය නඳුනියි මමයි අමතක නොවෙන මතකයක් එක්ක අපේ 1st wedding anniversary සමරන්න හිතුවා. ජීවිතේ හැමදාම එකට ඉන්න පොරොන්දු වුනා වගේම ජීවිතේ හැරගියාට පස්සේ අපේ ඇස්, සිරුරේ කොටස් ඇතුලු මුලු සිරුරේම කොටස් පරිත්‍යාග කිරීමටත් අපි පොරොන්දු වුනේ මෙහෙමයි. එහෙම කියලා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට මාධව සහ නදුනිගේ සිරුරේ කොටස් මිය ගියාට පසු දන්දීමට ඔවුන් තීරණය කරලා තියනවා.

ඉතින් හැමෝටම ආදර්ශයක් විදිහට මාධව විජෙසිංහ කල මේ වැඩේ අනිවාර්යයෙන්ම අගය කල යුතුමයි කියලා අපිට හිතුණා. ඉතින් ඒත් එක්කම පළමු විවාහ සංවත්සරය සමරන මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.